Colombo Today Local News

“කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ.. උපවාස කරාට ඇප දෙන්නෑ“ – අනුර දිසානායක

බන්ධනාගාරගත වන්නෙකුට ඇප ලබාගැනීම සදහා උපවාස කරන්නේ නම් හෝ එම උපවාසය මත ඇප ලබාදීමට තීරණය වන්නේ නම්, එය වැරදි පූර්වාදර්ශයක් බවත්, ඒනිසා අධිකරණ ක්‍රියාවලිය අඩපණ විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී, විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ වත්මන් තත්ත්වය පිළිබදව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“ඇත්තටම අපේ රටේ ඉතිහාසය පුරවටම නීතිය ක්‍රියාත්මක වීමේදී වලව්වේ හාමුට නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන් වලව්වේ වැඩ කරන කොල්ලට ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ඒ වගේම එක් හොරෙක් අත්අඩංගුවට ගනිද්දි ඒ හොරාට තර්ක කරන්න බෑ, තව හොරු සිටියදී ඇයි මාව අත්අඩංගුවට ගත්තෙ කියලා. අපිට කියන්න තියෙන්නෙ ‘කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ’ කියලා.

ඇප ලබාගැනීම සඳහා උපවාස කරනවා නම්, ඒ උපවාස කිරීම මත ඇප ලබාදෙන්න තීරණය කරනවා නම්, ඒක අපේ අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ මම හිතන්නෙ අපි නැවත සිතන්න ඕනෙ. ඒ නිසා අද රිමාන්ඩ් භාරයේ සිටින බොහෝ දෙනෙක් උපවාස කළොත් මොකද වෙන්නෙ. බන්ධනාගාරයේ සිටින්නා නොවෙයි ඔහුගේ එළියේ සිටින සඟයන් විසින් සටන් දියත් කළ යුතුයි. එළියෙ ඉන්න මිතුරන් ඔහුව අත්හැරලා තියෙනවා. රාජපක්‍ෂට ඔහු ලව් කරන තරම්, රාජපක්‍ෂ ඔහුට ලව් කරන්නෙ නැති බව තේරුම් ගත යුතුයි” යැයි පවසා සිටියේය.

Related posts

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

Admin

ශ්‍රී ලංකාවේ මීළග ජනපති ගෝඨාභයයි – Al Jazeera ලෝකෙටම කියයි

colombotoday

“ග්ලයිෆොසෙට් අධිවිෂ රසායනයක් බව තහවුරුකර තිබියදී විද්වත් කමිටු පත් කිරීම විහිළුවක්” – මහාචාර්ය චන්න ජයසුමන

colombotoday

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කෙරේ

colombotoday

ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

colombotoday

රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාප මන්ත්‍රීවරයෙක් !

colombotoday