Colombo Today Local News

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

ගාල්ල, මාගාල්ල ඉන්ධන පිරවුම්හලකදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල, මාගාල්ල ඉන්ධන පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ (07)දින රාත්‍රි ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ලැබූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, තුවාල ලැබූූවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මියගොස් ඇත්තේ හබරාදුව, වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි සරසවි ශිෂ්‍යයෙකි.

දින කිහිපයක සිට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ සිටි මෝටර් රථයක අයිතිකරු හමුවීමට ඔහුගේ යහළුවෙකුත්, යහළුවාගේ සහෝදරයා හා බිරිඳ පැමිණ ඇති අතර එම සිව්දෙනා ම තේ පානය සඳහා හෝටලයකට ගොස් නැවත පැමිණීමේදී නතර කර තිබූ මෝටර් රථය ඉදිරිපසින් තවත් මෝටර් රථයක් නතර කර තිබීම නිසා ඒ පිළිබඳව විමසීමට යාමේදී මෙම ආරවුල හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

පහරදීම්වලින් මියගිය ගොස් ඇත්තේ, පෝලිමේ රැඳී සිටි මෝටර් රථයේ හිමිකරු හමුවීමට පැමිණ සිටි යහළුවායි.

මෝටර් රථයේ හිමිකරු හා මියගිය තරුණයාගේ සහෝදරයා ද පහරදීම්වලින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පහරදුන් පාර්ශවයේ අයකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදුව ඇත්තේ, ඉන්ධන පිරවුම් හලේ සිට මීටර් 200 කට ආසන්න දුරකිනි.

Related posts

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක්

colombotoday

දවල් කාලයට වැලි ප්‍රවාහනය නැවතීමට පියවර – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

colombotoday

මධුෂ්ට කෝටි 1000ක මුදල් සහ දේපළ

colombotoday

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හදුනා ගනී

colombotoday

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

colombotoday

තෙල් ඉල්ලා තග දැමූ දොස්තරට පොම්පකරුගෙන් ගුටි පූජවක්

Admin