Colombo Today Local News

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ මඩු පොලිස් වසමේ සැඟවී සිටි 32 හැවිරිදි ශ්‍රී ලාංකික සරණාගතයකු හා ඔහුගේ දියණිය පොලිසිය භාරයට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට භාරදී ඇත.

ගම්වාසීන් විසින් මඩු ​පොලිසියට දුන් තොරතුරක් මත පොලිසිය ඔවුන්ව නැගෙනහිර පළාතේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත.

මෙම පුද්ගලයා වයස අවුරුදු හතරේදී 1992 වසරේදී සරණාගතයකු ලෙස දෙමාපියන් සමග ඉන්දියාවට ගිය මඩු, පණ්ඩිචිරිම්වාන් හි පදිංචිව සිටි අයෙකු බව හෙළි වී ඇත.

මොවුන් ඉන්දියාවේ සිට ධීවරයන් මෙන් හොරෙන් තලේමන්නාරම ප්‍රදේශයට පැමිණ එතැනින් මඩුවලට පැමිණ ඇත.

Related posts

ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂික රටක් – ඇමති මංගල ඇමරිකන් ලොක්කා හමුවී කියයි

colombotoday

රටට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙකැයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝඨා පිටුපස පන්නයි

colombotoday

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ලංකාවේ නිල සංචාරයකට එයි

Admin

” යාල අභයභූමිය ළඟ මුවන් දෙදෙනකු මරා පාටියක් දාලා.. අලින් ගැන උනන්දු පරිසරවේදින් කුඩා සතුන් ගැන කතා කරන්නේ නැහැ “

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

colombotoday

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

colombotoday