Colombo Today Local News

තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල

ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

තෙවැනි කොවිඩ් රැල්ලෙන් දැනට පවතින වෛරසය මීටත් වඩා භයානක විය හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ද ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම වෛරසයට බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත් තුන්වැනි රැල්ලේදී දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකි නිසා ජනතාව සැමවිටම සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

“කොවිඩ් රෝගයත් සමග තව අවුරුදු 02කට වැඩිය අපිට මෙහෙම ගත කරන්න වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ලෝකයේ කොවිඩ් ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් කියන කාරණයක් තමයි දෙවැනි කොවිඩ් රැල්ලේදීවත් අපි හොයා ගත්තෙ නැති වුණොත් බෙහෙතක්, තුන්වැනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන්. එය දැන් තියෙන වෛරසයටත් වැඩිය භයානක වෙන්න පුළුවන්. දෙවැනි කොවිඩ් රැල්ලේ මේ බරපතල ලෙස මිනිසුන්ට ආසාදනයවන කොවිඩ් වෛරසය සුළඟින් ගිහින් බෝ වෙන්නේ නෑ. මේ වෛරස් එකත් අපි අල්ලලා මුඛයේ හෝ නාසයේ හෝ ඇස්වල හරි ගාගන්නවා. අපි එදිනෙදා බාහිර පරිසරයේ ගමන්කරන කොට මේ වෛරසය ඇවිත් අපේ ඇඳුම්වල අත්වල ගෑවෙන්න පුළුවන්. වෛරසය බිම පතිතවෙලා තිබුණොත් අපේ සපත්තුවල ගෑවෙන්න පුළුවන්. එහෙම වෙලා ඒක ගෙදරට යන්න පුළුවන්. ඒ නිසා තමයි නිවරැදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියන්නේ. පුළුවන්නම් ගේ ඇතුළට යන්න ඉස්සෙල්ලා නාලා පිරිසිදුවෙලා යන්න,” යනුවෙන් ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.

Related posts

විදුලිය කැපීම අදින් (10) අවසන්

colombotoday

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday

යහපාලන රජයේ තිබෙන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

මෛත්‍රීගෙන් පූටින්ට සුබ පැතුම්

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – සජීව සංවාදය

colombotoday

මහනුවර ගැටඹේ සැකකටයුතු මළ සිරුරක්

Admin