Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් විනිසුරු පද්මන් සුරසේන ඉවත් වෙයි

සන්දයා එක්නැලිගොඩ සහ පාක්‍යසොක්ති සරනමුත්තු යන දෙදෙනා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ (26) දිනයේදී කැඳවන ලදි.

එහිදී ශ්‍රේෂ්ඨාදිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා තමා මෙම නඩුවෙන් ඉවත් වන බව සදහන් කරන ලදි. මීට පෙර අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කරන සමයේදී පද්මන් සුරසේන මහතා විසින් ඥානසාර හිමිට වසර 19ක බරපතල වැඩසහිත සිර දඬුවමක් වසර නමයකින් ගෙවීයන පරිදි පැනවීය. ඊට මාස කිහිපයකට පසු ඒ මහතාට ශ්‍රේෂ්ඨාදිකරණ විනිසුරු ලෙස උසස්වීමක් හිමි විය.

ඊයේ දින ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, නීතිඥ තිශ්‍ය වේරගොඩ, ඉරේශ් සෙනවිරත්න, සංජය මාරඹේ, ප්‍රතාප් වැලිකුඹුර,මෙනුශා ගමගේ යන මහත්ම මහත්මීන් පෙනී සිටින ලදි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ නීතිඥ පුලස්ති රූපසිංහ යන අයද පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ අස්තික දේවේන්ද්‍ර සහ පුලස්ති හේවාමාන්න යන නීතිඥවරුන් සහ රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තු නීතිඥවරුන්ද සහබාගී විය.

ඒ අනුව මෙම නඩුව විනිසුරු පදිමන් සූරසේන මහතා නොමැතිව වෙනත් විනිසුරුවරු මඩුල්ලක් ඉදිරියේදී ඔක්තොම්බර් 19 වන දින නැවත කැදවෙනු ඇත.

Related posts

විල්ගමුවේදී බවුසරයක් පෙරලෙයි. කාණුවලත් තෙල්

colombotoday

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

ජනපතිගේ අවසන් තීරණය ගැන රවී, මනෝ කියන දේ…

colombotoday

පොසොන් සතිය හෙටින් ඇරඹෙයි

Admin

ප්‍රදේශ රැසකට අද වැසි

colombotoday

ජනාධිපති-අගමැතිත් හොර පාරෙන් ෆේස්බුක් ඇවිත්.. පරීක්ෂණ ක්‍රියාත්මකයි

colombotoday