Colombo Today Local News

ජාතික වෙසක් සතිය අදින් ඇරැඹෙයි

ජාතික වෙසක් සතිය අද (04 වැනිදා) ආරම්භ වෙයි. ලබන 08 වන දින දක්වා එය ක්‍රියාත්මකයි. ජාතික වෙසක් සතියට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය ලබන 07 වනදා හොරණ ඔලබොඩුව රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙයි. දාන, සීල, භාවනාවලට මුල් තැන දෙමින් සිදුකරන ආගමික වැඩසටහන් රජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශනය කෙරේ. පාසල් දරුවන් සහ බෞද්ධ ජනතාව නිවෙස්වල සිට සිල් සමාදන් විය යුතු බව බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසයි. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මුද්දරයක් නිකුත් කිරීම ලබන 06 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුකෙරේ.

Related posts

හපුහින්නව ජනාධිපති කාර්යාලයට ගනී

Admin

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

colombotoday

ඩයනා ගමගේට නොතීසි

Admin

රූපවාහිනි සංස්ථාවට ඇතුළු වූ මර්වින් සිල්වා මුදා හරී…

colombotoday

මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

colombotoday

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday