Colombo Today Local News

හපුහින්නව ජනාධිපති කාර්යාලයට ගනී

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් නීල් බණ්ඩාර හපුහින්න ඉවත් කර ජනාධිපති කාර්යාලයට ස්ථාන මාරු කර තිබේ.

අද (20)දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව කර ඇත.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්වරයා ලෙස රංජිත් අශෝක පත් කර ඇත.‍

මෙතෙක් කලක් රංජිත් අශෝක එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධූරය හොබවනු ලැබීය.

නීල් බණ්ඩාර හපුහින්න පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙස දන්වමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ ලිපියකට පාර්ශව රැසකින් චෝදනා එල්ල විය.

Related posts

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday

රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි…

colombotoday

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

colombotoday

කුඩු ලාල්-රූබන්-නිපුණ- ඊයේ ඇල්ලු ‘අයිස්’ කිලෝ 125ක හිමිකරුවන්ගේ වතගොත වමාරි.

colombotoday

ශ්‍රී ලංකාව යුද්ධය ජයගත්තේ කෙසේද: නොසලකා හැරි ජයග්‍රහණයකින් උගත හැකි උපායමාර්ග – ආචාර්ය පීටර් ලේටන්

colombotoday

මාතලේ අල්ලස් ගත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday