Colombo Today Local NewsTop Stories

ජනපතිගේ අභිමතය පරිදි ජාතික දිනයේ ඥානසාර හිමිට පොදු සමාවක් දිය හැකියි – නීතිඥ පේ‍්‍රම්නාත් සී. දොලවත්ත

සිර දඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ජාතික දිනයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අභිමතය පරිදි පොදු සමාවක් ලබාදීමට හැකි යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ පේ‍්‍රම්නාත් සී. දොලවත්ත මහතා ‘දිවයින’ පුවත්පතට ඊයේ (27 දා) පවසා තිබෙනවා.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීමට පෙර අධිකරණ අමාත්‍යාංශය මගින් බන්ධනාගාර අධිකාරිවරයා ලවා වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බවට ඇතැමුන් ප‍්‍රකාශ කළත් ජනාධිපතිවරයාට ඇති බලතල අනුව එවැනි වාර්තාවක් කැඳවීමට අවශ්‍ය නොවන බව ඒ මහතා පවසා ඇත.

හිටපු ජනාධිපතිවරයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා නාවල නිහාල් නමැත්තාට සිර දඬුවම් විඳිමින් සිටියදී පොදු සමාව ලබාදී අනතුරුව සාමදාන විනිශ්චයකාර ධුරයක් ද ලබාදී ඇතැයි ද හෙතෙම අවධාරණය කර ඇති අතර, ඒ ආකාරයෙන් වත්මන් ජනාධිපතිවරයාට ද ඕනෑම අයකුට තමන්ට හිමි බලතල අනුව නිදහස ලබාදිය හැකි බව ද දොලවත්ත මහතා වැඩිදුරටත් සඳහන්කර ඇත.

Related posts

හින්දු අතහැර මුස්ලිම් ආගමට බැඳෙන්න කියා තර්ජනය කර අම්පාරේ නිවසකට සහ ත්‍රීවීලරයකට ගිනි තබයි

colombotoday

ඩීසල් නැවක් දිවයිනට… තවත් නැවක් එයි

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග

colombotoday

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

colombotoday

බැදුම්කර පත්තරේට මිළියන ගණනක රජයේ දැන්වීම්.. මෙහෙම වෙන්නෙ කොහොමද ?

colombotoday

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05ක් දැලේ

colombotoday