Colombo Today Local News

බැදුම්කර පත්තරේට මිළියන ගණනක රජයේ දැන්වීම්.. මෙහෙම වෙන්නෙ කොහොමද ?

රටේ නම් දැරූ පුවත්පත් අතර පළමුවැනි හෝ දෙවැනි ස්ථානයවත් හිමි නොමැති බැඳුම්කර මගඩියේ සල්ලිවලින් ආරම්භ කළ ජනයුගය පුවත්පතට මිලියන ගණනක රාජ්‍ය දැන්වීම් ලැබෙන්නේ කෙසේ දැයි මහජන සභාව ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ රජයෙන් ප්‍රශ්න කරති.

පසුගිය කාලය තුළ බැංකුවල සහ ලොතරැයි මණ්ඩලයේ මිලියන ගාණක් දැන්වීම් එම ආධුනික පුවත්පතට ලැබී තිබෙන බවද සුමංගල හිමියෝ එම පුවත්පත මාධ්‍යට ප්‍රදර්ශනය කරමින් පෙන්වා දුන්හ. මෙම දැන්වීම්වලින් විශාල ප්‍රමාණයක් ලබාදී ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මඟින් බවත් අවධාරණය කළහ.

බැඳුම්කර මගඩියෙන් උපයාගත් මුදල් මේ මොහොත වන විටත් රට තුළ විවිධ අයුරින් ආයෝජනය කරන බව සඳහන් කළ උන්වහන්සේ, “නැඟෙනහිර පළාතේ විශාල එතනෝල් කර්මාන්ත ශාලාවක් ඉදිවෙනවා. එම ස්කාගාරය රටේ සංවර්ධන කාර්යයක් සේ සලකා සියලු බදුවලින් නිදහස් කරල රෑට තම ඉදිකිරීම් කටයුතු කරනවා” යැයිද පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවැසුවේ මහජන සභාව ජාතික ව්‍යාපාරය ඊයේ (7දා) නාරාහේන්පිටදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

කොටි ඩයස්පොරා බොරුව පුපුරන මෙතෙක් නොදුටු සාක්කි එළියට

colombotoday

දූෂණ අක්‍රමිකතාවලින් ලංකාව තවත් පිම්මක් ඉදිරියට… ලෝක දර්ශකයේ අලුත්ම තැන මෙන්න

colombotoday

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

Admin

“ජනාධිපති ගෝඨාභය සිංගප්පූරුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නෑ…”

colombotoday

යාපනේ හින්දු කෝවිල්වල බිලිපූජා තහනම් කරමින් විනිසුරු ඉලංචේලියන් තීන්දුවක් දෙයි !

colombotoday

ජරමර අස්සේ මිරිස්කුඩු ප්‍රහාරයක්…

colombotoday