Colombo Today Local News

ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විමට තිබූ කලාභූෂණ සම්මාන උළෙල අවලංගු කරයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 15 දා පැවැත්වීමට නියමිතව තිබූ කලාභූෂණ සම්මාන උළෙල දින නියමක් නොමැතිව කල් දැමූ බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙම සම්මාන උළෙලේදී ප්‍රවීන කළාකරු ඩබ්ලිව්. ජයසිරි මහතාද සම්මාන ලබාගැනීමට නියමිතව තිබුණත් ඔහු සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කළේ තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සම්මාන ලබාගැනිම අකමැති හෙයින් එම සම්මාන උළෙලට එක්නොවන බවයි.

සංස්කෘතක දෙපාර්තමේන්තුව නැවත එය පවත්වන දිනයක් ප්‍රකාශ නොකළේය.

Related posts

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති බ්‍රිතාන්‍යයට යයි

Admin

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවීමට පියවර ගන්න

colombotoday

යුරියා මිටියක් 7000කින් අඩු කරන්න එකඟ වෙයි

Admin