Colombo Today Local News

යුරියා මිටියක් 7000කින් අඩු කරන්න එකඟ වෙයි

යුරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 7000කින් අඩු කිරීමට ප්‍රමුඛ පොහොර සමාගම් අද (23)දින එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පොහොර ආනයන සමාගම් පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.

රුපියල ශක්තිමත්වීම මෙන්ම දැනට රජය රුපියල් 10,000ක මුදලකට යුරියා ගොවි ජනතාවට සපයන බැවින් පෞද්ගලික සමාගම් විසින් අලෙවි කරන පොහොර මිල ද අවම කරන ලෙස අමාත්‍යවරයා එම නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව දැනට රුපියල් 18,500කට පමණ අලෙවි කරන යුරියා පොහොර මිටියක් 11,500ක මිලකට අලෙවි කිරීමට එම නියෝජිතයෝ එකඟත්වය පළ කර තිබේ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දැනට ගොවින් වෙත ලබා දෙන යුරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීම සඳහා අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොකේන් චෝදානා

colombotoday

“ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ මීළග ජනාධිපතිවීම ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ නියෝජ්‍ය ඇමති ලෙස බුද්ධික පතිරණ දිවුරුම් දෙයි

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

මොරටුව අබ්බා STF වෙඩි කා නසී. ගෝලයින් හයකුත් අත්අඩංගුවට

colombotoday

අගමැති අල්ලස් ලොක්කීගේ පඩිය වැඩිකරයි.. පරන තනතුරටත් අදාලව දීමනා ඩබල් වෙයි

colombotoday