Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සම්බන්ධ බව තහවුරුයි…

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට ප‍්‍රමාණවත් සාක්‍ෂි අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (6 දා* කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.

කෞෂාල් නාලක සිල්වා මහතා ප‍්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් හා ගායන ශිල්පී අමල් පෙරේරා යන අය සමඟ සමීපව සබඳතා පවත්වා ඇතත් එම සබඳතා අනාවරණය නොවන ආකාරයෙන් ඔහු සූක්‍ෂම ලෙස කටයුතු කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර නාලක සිල්වා මහතා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ සමයේ 2011 වසරේදී පාතාල කල්ලි සාමාජිකයකු වන මාකඳුරේ මධුෂ් නමැත්තාව අත්අඩංගුවට ගෙන මාස 18 ක්

රැුඳවුම් නියෝග මත එහි රඳවාගෙන සිට ඇති බවත් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. එම සැකකරු සිය ඒකකයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ඒකකයේ වාහනයකින් මඩකලපුවට පිටත් කර හිටපු එල්ටීටීඊ නායකයකු වන පුෂ්පරාජා නමැත්තාව නාමල් කුමාර නමැත්තාට හඳුන්වාදී උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේදී එකී ඝාතන කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුා කොට ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

නාලක සිල්වා මහතා එකී ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් නාමල් කුමාර සමඟ සාකච්ඡුා කොට ඇත්තේ ඔහු විසින්ම පදවන ලද වාහනයෙන් ගාලූ මුවදොර වැනි ස්ථානවලට ගොස් රහසිගතව බවත් එහිදී පෙන්වා දුන් දිලීප පීරිස් මහතා එක් අවස්ථාවකදී නාලක සිල්වා මහතා නාමල් කුමාරව සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් මහතාගේ නිවස අසලට ගෙන ගොස් නිවස පෙන්වා තමන් විසින් ලබාදෙන ගිනි අවියෙන් ඔහුට ප‍්‍රහාර එල්ල කරන ලෙසට දැනුම් දී ඇතැයි ද පෙන්වා දුන්නේය.

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් මුල් තොරතුරු අනාවරණය කළ නාමල් කුමාර නමැත්තා ද එකී ඝාතන කුමන්ත‍්‍රණයේ සැකකරුවකු බවට පත් කළ යුතු වුවත් ඔහුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ සිදුකරනුයේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පමණක් බවට නාලක සිල්වා මහතාගේ නීතිඥවරුන් නඟන චෝදනාව පිළිබඳව මහෙස්ත‍්‍රාත්වරයා එහිදී විමසා සිටියේය.

නාමල් කුමාර සම්බන්ධයෙන් යම් යම් ගැටලූ සහගත කරුණු ඇතත් ඔහු අනාවරණය කළ කරුණු නොසලකා සිටීමේ හැකියාවක් නොමැති බවද නීතිපති දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. දෙවන සැකකාර නාලක සිල්වාට එරෙහිව ප‍්‍රමාණවත් සාක්‍ෂි ඇතිදැයි එහිදී මහෙස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි අතර ප‍්‍රමාණවත් සාක්‍ෂි ඇති බව ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

නාලක සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටද කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

දිවයින

Related posts

ජාතික රෝහලේ සාමාන්‍ය පරීක්ෂණ සීමා කරයි

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

colombotoday

කිරි වෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

colombotoday

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

colombotoday

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

colombotoday

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

colombotoday