Colombo Today Local News

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගක් කළේ ය.

ලබන 11 වැනිදා පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වසන්ත කරන්නාගොඩ මහතාට නියෝග කරනු ලැබුවේ ය.

මේ සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන වාර්තාව අනුව නීතිපතිවරයා විසින් සිය සේවා දායකයාට එරෙහිව අධිචෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ නඩු පැවරීමක් කළහොත් මහාධිකරණයෙන් නොතීසි ලද විටක පෙනී සිටීමට පොරොන්දුවන බවත්, අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවටත්, අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් පොරොන්දු වන බව පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

Related posts

ජනතාවට ජාරාව කවා හසුවූ මොහොමඩ්ගේ caravan fresh බේකරිය – උලමලා හලාල් සහතිකයත් දීලා

colombotoday

ඉන්දියාවට රැකියා – අපට විරැකියා… ETCA හකුළා ගනිව් ! කොළඹදී දැවැන්ත විරෝධතාවක්

colombotoday

තවත් යුද අපරාද චෝදනාවක්… ලංකා රජයෙන් සම අනුග්‍රහය

colombotoday

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday

වසන්තගෙන් හිස්වූ ඇමති පුටුවේ ෆොන්සේකා වාඩිවෙයි… අවසරයක් නැතිවම ඇමතිකමේ වැඩ බාරගනී…

colombotoday