Colombo Today Local News

ගෝඨාට එරෙහි නඩුව මුක්තිය මත ඉවත දමන්න කැලිෆෝනියා අධිකරණයට ඉල්ලීමක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය පවරා ඇති නඩුව රාජ්‍ය නිලධාරීන්ට හිමි වී ඇති මුක්තිය මත ප‍්‍රතික්ෂේප කරන ලෙස ඒ මහතාගේ නීතිවේදීන් විසින් කැලිෆෝනියා අධිකරණය වෙත අලූතින් ඉල්ලීමක් කර ඇත.

අහිංසා වික‍්‍රමතුංග විසින් ගොනු කර ඇති මෙම නඩුව පිළිබඳව නීතිවේදීන් දන්වා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ශී‍්‍ර ලංකා රජයේ නිල පනත යටතේ මුක්තිය හිමි වී ඇති බවයි. 

මෙයට පෙර ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කරද්දී නැගෙනහිර කොටි හමුදා නායක රමේෂ්ගේ බිරිය ගොනු කළ නඩුව මුක්තිය මත ඇමරිකානු අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

Related posts

“එක එක ගහට්ටයන්ට ඕන විදිහට භික්ෂූ මතය යටපත් කරන්න බෑ.. ආණ්ඩුව ඉල්ලන්නේ අරගලයක්නම්, අප සූදානම්”

colombotoday

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

colombotoday

තවත් කොවිඩ් රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අගවයි

colombotoday

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

Admin

“මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ”

colombotoday