Colombo Today Local News

“එක එක ගහට්ටයන්ට ඕන විදිහට භික්ෂූ මතය යටපත් කරන්න බෑ.. ආණ්ඩුව ඉල්ලන්නේ අරගලයක්නම්, අප සූදානම්”

sinhala rawayaතම පාලනයට එරෙහිව ගොඩනැගෙන බලවේග මර්ධනය කිරීමේ මූලික පියවරක් ලෙස ආණ්ඩුව භික්ෂුන් වහන්සේලා නිහඩ කිරිම සදහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජාතික භික්ෂූ පෙරමුණ පවසයි. එහි සභාපති පූජ්‍ය හදුගල රතනපාල හිමියන් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසූවේ,

රටේ අර්බුධකාරී අවස්ථාවලදී ජනතාව වෙනුවෙන් රට වෙනුවේන් ජීවිත පරිත්‍යාගයෙන් පෙනී සිටින භික්ෂූන් වහන්සේලා මර්ධනය කරමින් දේශපාලන අරමුණු ඉටු කරගැනීම සදහා රජය මෙම පනත ගෙන ඒමේ අරමුණ බවයි.

මේ අතර සිංහල රාවය ජාතික සංවිධානයට මාධ්‍ය හමුවක් කැදවමින් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ‍ ත්‍රෛයිනිකායික භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් ථෙරවාදී භික්‍ෂු කතිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතට දැඩි විරෝධය පල කරා.

වඩා වැදගත් වන්නේ බුද්ධ නිතීය බවත් බුද්ධ නිතීය අභිබවා ගොස් කොහෙවත් යන ගහට්ටයන්ට ඕනෑ විදියට මේ ශානසනය නිතී ගෙන එමින් භික්ෂුන් වහන්සේලාගේ මතය යටපත් කිරීමට සුදානම් වෙන්න එපා යැයි යන මතය ආණ්ඩුවට සිහිපත් කරන බවද එම සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමියන් සදහන් කලා .

මෙය අරගලයකට මුලාරම්භයක් බවත් එය පටන් ගන්නේ ආණ්ඩුව බැවින් එයට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි උන්වහන්සේ අවධාරණය කලේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවල නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday

ගෝඨා සීඅයිඩීයට කැඳවා ප්‍රශ්න කරන්න යයි !

colombotoday

වනැල, විහාරගල රක්ෂිතය කැබලි කර බෙදා දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ඊයේ කොවිඩ් මරණ 26ක්

colombotoday

බැදුම්කර බෑණා තවත් ඇමති දෙපොළකට සුපිරි ගෙවල් දීලා..! එකෙක් කොළඹ, අනිකා කළුතර..

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin