Colombo Today Local News

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා බලෙන් නිදහස් කරලා

‘අද උතුරේ තියෙන්නෙ එක නීතියක්. සුමන්තිරන් මන්ත්‍රිතුමාගේ රියැදුරාගේ සහෝදරයා ගංජා සමඟ අත්අඩංගුවට පත් වුණා. එතුමා පොලිසියට බලපෑම් කරලා ඒ අය නිදහස් කර ගත්තා. මේකද රටේ නීතිය’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.


‘අද සුමන්තිරන් රටේ නොනිල අගමැති වගේ හැසිරෙන්නෙ. ආණ්ඩුව මේ ගැන කතා කරන්නෙ නෑ. එතුමාගේ රියැදුරාගේ සහෝදරයා ගංජා සමඟ ඇල්ලුවාම එතුමා ඒ පළාතේ ඩී.අයි.ජී.ට බලපෑම් කරනවා. එහෙම කතා කරන්න එතුමට ඒකට බලයක් ආවේ කොහොමද? කවුද එහෙම කතා කරන්න බලයක් එතුමට දුන්නෙ?


අද උතුරේ වෙන දේවල් ගැන ආණ්ඩුව කතා කරන්නෙ නෑ.සුමන්තිරන් අද හැසිරෙන්නෙ ආණ්ඩුවේ නොනිල අගමැති හැටියට. මොකද්ද මේ විහිළුව’ යැයි කීවේය.

Related posts

2021 උසස්පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ

Admin

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin

අගරදගුරුගේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබේ.. ‘අනුරාගිනී‘ වාරණයට ලක්වේ !!

colombotoday

ඩුබායි ඉන්න ගෝලයෝ 6 ක් ලංකාවට එවන්න මධුෂ් ප්ලෑනක්‌ ගහයි. පවුලේ අයටත් කෝල් කරලා

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

colombotoday

ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී සිකුරාදා දින යාඥ්ඥාව පැවැත්වූ 7ක් අත්අඩංගුවට

colombotoday