Colombo Today Local News

කොළඹ වරායේ යලි විරෝධතා.. අද සිට කළු සතියක් ප‍්‍රකාශ කරයි

අද සිට නැවතත් වැඩවර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෘතීය සමිති සඳහන් කරයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය විසින් ආරම්භ කරන්නැයි බලකරමින් එම විරෝධතා පවත්වන බව වරාය ස්වාධීන වරාය සේවා වෘත්තීය සමිති සභාපති ලාල් බෙංගමුවගේ මහතා පවසයි.

ඒ අනුව අද දහවල් 12.00 සිට වරාය චෛත්‍ය ඉදිරියේ සිට මෙම විරෝධතා ආරම්භ කරන බවත් ඒ සඳහා වරාය වෘත්තීය සමිති 23ක් එක්වන බවත් ඔහු සඳහන් කරයි.

අද සිට වරායේ කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියේ පරිපාලනය පාලනය යටතේ මෙහෙයුම් ආරම්භ කරන බවට සහතික කරන තුරු අඛණ්ඩව මෙම විරෝධතා සිදුකරන බවත් ඔහු තවදුරටත් පැවසීය.

Related posts

ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 වැඩි තද වැසි

Admin

පාසල් ඇරඹෙන්නේ මෙලෙසයි

colombotoday

නාම පුවරුවලින් මෛත්‍රීගේ නම වසා තබන්නැයි මැතිවරණ කාර්යාලය දන්වයි. සල්ලි දුන්නොත් වහන්නම් පළාත් පාලන ආයතන කියයි.

colombotoday

ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද පාර්ලිමේන්තුවට

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

Admin