Colombo Today Local News

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීම සදහා අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) සිට ආරම්භ වේ.

ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

පවුල් තෝරා ගැනීමේදී සිදුවු නිර්ණායක ප්‍රකාරව යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් මේ හරහා ඔවුන්ට ද අයදුම් කිරීමට හැකියාව පවතී.

මේ අතර ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහළ නංවා තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලුතෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව අප්‍රේල් මස 1 වනදා සිට ලබාදෙන බවයි.z

Related posts

පොදු ප්‍රවාහන සේවා ඇරඹේ

colombotoday

සියලුම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කෙරේ

colombotoday

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

colombotoday

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

Admin

දූෂණ අක්‍රමිකතා ගැන නිමක් නැති පැමිණිළි… කොළඹ පුරපතිනී රෝසිට ජනපතිගෙන් හිදිසි කැදවීමක් !

colombotoday

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday