Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

නව කොරෝනා වයිරසය ආසාදානය වී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචිකරුගේ දේහය අද (02) පස්වරුවේ කොටිකාවත්ත ආදාහනාගාරයේදී අදාහනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය තෙවන පුද්ගලයා වන මොහු අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර පැය කිහිපයක් තුළදී මියගොස් ඇත.

අදාළ පුද්ගලයා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුලත අදාළ පුද්ගලයා මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙරටින් වාර්තා වූ තෙවන කොරෝනා වයිරස් මරණය ලෙස එය වාර්තා වන අතර එසේ මියගොස් ඇත්තේ මරදාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයාගේ දිවි බේරා ගැනීමට අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දැරවුද මෙම රෝගියා නිදන්ගත රෝග වලින් මෙන්ම වකුගඩු රෝගයකට ලක්ව සිටි පුද්ගලයකු වීම හේතුවෙන් ඔහුගේ දිවි බේරා ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වූ බවද වාර්තා වේ.

Related posts

තේරීම් කමිටුවෙන් අසාධාරණයක් වී ඇත්නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැමිණිලි ඉදිරිපත් කරන්න අවස්ථාවක්

colombotoday

ජාතික රෝහලේ හිඟ විදුලි බිල ගෙවන්න කෝටි 12ක් වෙන් කරයි

Admin

ප්‍රභාකරන්ගේ අපේක්ෂාව දෙමළ ජාතික සන්ධානය සුන් කලා – විග්නේශ්වරන් පවසයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Admin