Gossip

කොරෝනා ගැන චිත්‍රපටයක්

ලොවම කම්පනය ට පත් කර ඇති කොවිඩ් -19 වසංගතය පසුබිම් කරගනිමින් මේ වන විටත් චිත්‍රපටයක් නිපදවා ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා (Corona) යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරනු ලැබ ඇත්තේ මේ වන විට කැනඩාවේ වාසය කරන ඉරාන සම්භවයක් ඇති සිනමාකරුවකු වන මොස්ටෆා කෙෂ්වාරි විසිනි.

මෙම සිනමාපටය තට්ටු නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් තුළ සිරවෙන කිහිප දෙනෙකු වටා ගෙතුණු නිර්මාණයක් බැව් සඳහන් වේ.

මෙම විදුලි සෝපානය තුළ චීන තරුණියක ද සිටින අතර ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සහ ඇයගෙන් තමුන්ට ද එය බෝ විය හැකි බවට සෙසු සියලු දෙනා තුළ විශාල බියක් සැකයක් ඇති වෙයි.

නව කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට පැතිරෙමින් ඇති චීන විරෝධී ජාතිවාදී හැඟීම් පිලිබඳ අවධානය යොමු කිරීම මෙම සිනමාපටයේ අරමුණ බව අධ්‍යක්‍ෂ කෙෂ්වාරි සඳහන් කර තිබිණි.

තමාට මෙම අදහස ඇති වූයේ පසුගිය කාලයේ චීන සංචාරකයින්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර සහ කෙණහිලිකම් ගැන දැනගැනීමෙන් පසුව බව ද ඔහු පවසා තිබේ.

මෙම සිනමාපටය රූපගත කර ඇත්තේ කැනඩාවේ වැන්කුවර් නගරයේ ය. මේ වන විට එහි වැඩ කටයුතු අවසන්ව ඇති බවත්, එය අන්තර්ජාලය හරහා නිකුත් කිරීමට නිෂ්පාදකයන් අදහස් කරන බවත් සඳහන් වේ.

Related posts

නිදහස් දිනයට නටන “ලැප්ටොප් වන්නම” බුකිය ගිනියම් කළ හැටි මෙන්න (Photo)

colombotoday

යෝෂිත CSN එකට ආව ගිය හේතුව නාමල් කියයි

colombotoday

ජී.පී.එස්. කරේ බැදන් වසර 15 ක් ළගින් සිටි පූටින්ගේ සුරතලී

colombotoday

ප්‍රසිද්ධ රේඩියෝවක නිවේදිකාවක් නිවේදකයාට විරේක ගුලි 8ක් කවලා වෙච්ච වැඩේ (Video)

colombotoday

“ගැමුණු මහරජ“ ට ඉහළින් බලපෑම්.. අධ්‍යක්ෂක කතා කරයි (Video)

colombotoday

දනුක ඩිල්ෂාන්ගේ ලෙන් පැටියා නිසා සාරංග + උමාලි විවාහය දෙදරයි?

colombotoday