Colombo Today Local News

කොකේන් කිලෝ 729ක් හෙට විනාශ කරයි – අධීක්ෂණයට ජනපතිත් එයි

ආරක්ෂක අංශ මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 729ක් හෙට (01) සපුගස්කන්ද පිහිටි රජයේ ගබඩා සංකීර්ණයකදී දිය කර විනාශ කෙරෙන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි පවසයි.

මෙරටදී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් මත්ද්‍රව්‍ය මෙලෙස ප්‍රසිද්ධියේ විනාශ කෙරෙන්නේ දෙවන වතාවටය. ඉකුත් වසරේ ජනවාරි 23 දා කටුනායක වෙළෙඳ කලාපයේදී ප්‍රථම වරට කෙකේන් මත්ද්‍රව්‍ය මෙසේ ප්‍රසිද්ධියේ විනාශ කෙරුණි.

එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයෙන් කාර්මික දැනුම ලබාගෙන අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ රසායනාගාර සහාය ලබාගෙන රස පරීක්ෂක වෙත යොමු කර අන්තර් ජාතික ප්‍රමිතිය යටතේ මෙම මත්ද්‍රව්‍ය දිය කර විනාශ කරනු ලබන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි පැවැසීය.

විදේශීය රටවල විෂ මත්ද්‍රව්‍ය විනාශ කෙරෙන්නේ ඉන්ධන දමා පිළිස්සීමෙන් වන අතර ලංකාවේ එසේ සිදුනොකර පරිසරහිතකාමී අයුරින් විනාශ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව හෙට දහවල් 11.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහේස්ත්‍රාත්වරුන් කීපදෙනෙක් ඉදිරියේදී මෙකී මත්ද්‍රව්‍ය දිය කර පසුව පුත්තලම සිමෙන්ති කම්හල වෙත ගොස් දහනය කෙරේ.

Related posts

මෛත්‍රීපාල සිරිසේනගේ තීන්දුවට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

Admin

නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වෙයි… දළ කෙටුම්පත අද එළියට…

colombotoday

බීඩි කොළ කිලෝ 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday