Colombo Today Local News

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කෙසෙල්වත්තේ දිනුකගේ” සමීපතමයෙකු මත්ද්‍රව්‍යය සමග එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී ඊයේ රාත්‍රී “කෙසෙල්වත්තේ කසුන්” නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06ක්, තියුණු අවි ආයුධ කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල්වලින් ලබා ගන්නා ලද ලොරි රථයක් සහ නවීන යතුරු පැදි තුනක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සැකකරුගේ බැංකු ගිණුම්වල රුපියල් මිලියන 183කට අධික මුදලක් සංසරණය වී ඇති බවට ද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

Related posts

කොරෝනා යැයි සැක 133 ක් රට පුරා රෝහල් 16 ක

colombotoday

LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කෙරවළපිටිය බලාගාරය හොර රහසේ ඇමෙරිකාවට විකුණලා – අනුර කුමාර

colombotoday

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin

සංචරණය සීමා ලිහිල්වන 25 වැනිදාත් සුරාසල් වසා තැබිය යුතුයි.

colombotoday

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday