Colombo Today Local News

කැබිනට් හමුවෙන් පසු ආහාර නෑ.. අපි බඩගිනි නිවා ගත්තෙ දානෙ කාලා – විමල්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම මහජන මුදල් නාස්ති නොකරන වෙනස්ම අකාරයේ නායකයෙක් යැයි ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු මහජන මුදලින් ආහාර වේලක් හෝ ලබා නොගන්නා බවත් තම ආහාරය ලබාගැනීම සඳහා නිවෙසට යන බවත් ඇමතිවරයා පැවසීය.

ජනාධිපති කාර්ය මණ්ඩලය වාහන සංඛ්‍යාව ද මේ වන විට අවම කර ඇතැයිද ඒ මහතා කීය.

මැතක දී ඇදිරි නීතිය අතරේ පැවති කැබිනට් හමුවකින් පසු තමන් ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකුට ආහාර ගැනීමට තැනක් නොවූ බවත් ඔහු පැවසීය.

කොරෝනා වසංගතය පැවති නිසා හෝටල් පවා වසා තිබුනු බවත් තමන් ඇතුළු ඇමැතිවරුන් පිරිසක් කොළඹ ගංගාරාමයට ගොස් ලැබී තිබූ දානයෙන් කොටසක් ඉල්ලා ගත් බවද ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday

“ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න..” ආණ්ඩු පක්ෂය කතානායකගෙන් ඉල්ලයි

Admin

දෙරණ ප්‍රවෘත්ති නිවේදිකාව සුදු වෑන් එකකින් පැහැරගෙන.. නිරුවත් කර පින්තූර අරන් මහමග දමා යයි !

colombotoday

සිරගත හිමිවරුන් බලන්න මුසම්මිල් වැලිකඩ යයි

colombotoday

බදියුදීන්ගේ පෙත්සම- ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් විනිසුරුවෙක් ඉවත්වෙයි

colombotoday

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday