Colombo Today Local News

කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි

කහකුඩු වැඩි මිලට අලෙවිකරන වෙළදුන් සොයා අද (22) සිට වැටලීම් සිදුකිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (පාරාභෝගික කටයුතු හා තොරතුරු ) අසේල බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.  

කහ කුඩු කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල  රුපියල් 750 ක් බවට සදහන් කරමින් රජය ඊයේ(21) අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කරනු ලැබූ අතර  ඊට වඩා වැඩි මිලකට කහ විකුණන වෙළදුන් ඇල්ලීමට කටයුතු කරන බව ද බණ්ඩාර මහතා කීය.  

දේශියව  නිපදවිය හැකි බැවින් පිටරටින් කහ ගෙන්වීම රජයෙන් තහනම් කරනු ලැබු අතර මේ හේතුවෙන් වෙළද පොලේ කහ කුඩු හිඟයක් මතුවීමත් සමග අඩු මිලට ගෙන්වනු ලැබූ කහ ඉතා ඉහළ මිල ගණන්වලට විකිණීමට වෙළදුන් පියවර ගෙන තිබිණි.

Related posts

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

Admin

ටෙන්ඩර් මගඩියක් නිසා ලිට්රෝ ගෑස් මිල යළි ඉහලට !

colombotoday

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

colombotoday

බැදුම්කර වාර්තාවේ එජාපය ට අවාසි කොළ ඉවත් කරලා…

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා මන්ත්‍රී නාමලේඛනය මැතිසබයට

Admin

නුවර ගිනි නිවන්න විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

colombotoday