Colombo Today Local News

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

7 වන ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී තිබේ.

එම හමුවට එක්වූ ශ්‍රී ලාංකිකයින් දන්වා ඇත්තේ දේශගුණ විපර්යාස, සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රයන් මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා රජයට උදව් කිරීමට කැමති බවය.

එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, ආර්ථික නවීකරණ සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර මෙම සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් මහත්මිය අතර හමුවක් සිදුවී තිබේ.

Related posts

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

රේගුව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රසාදය

Admin

උ/පෙළ ප්‍රතිඵලවලට කිසිදු හානියක් සිදුව නැහැ – විභාග දෙපාර්තමේන්තුව

colombotoday