Colombo Today Local NewsTop Stories

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

ඇඳිරි නිතිය පනවා තිබු අවස්ථාවක මහා පරිමාන එළවලු තෙල් (palm oil) ආනයන කරුවෙකු සැනසීම සඳහා අප්‍රේල් මුලදී ආනයනික පොල් තෙල් සහ ආනයනික එළවලු තෙල්(palm oil) මත අයකරන බද්ද රුපියල් 100 කින් වැඩි කිරීමට රජය තීන්දුවක් ගෙන තිබුණි. මෙම තීන්දුව ගන්නා මොහොත වනවිටත් මහා පරිමාන ව්‍යාපාරිකයා එළවලු තෙල්(palm oil) අතිවිශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබුණි. එක් රැයකින් රුපියල් බිලියන ගණනක අතිරේක ආදායමක් අදාළ ව්‍යාපාරිකයාට රජය ගත් මෙම තීන්දුවත් සමග අත්විය.

එළවලු තෙල් ආහාර සඳහා භාවිතා කිරීම සෞක්‍යදායි නොවන නිසා පාරිභෝගිකයා වෙත පොල්තෙල් පරිභෝජනය කිරීමට අවස්ථාව ලබා දීම සදහා පොල් තෙල් මත පැනවූ නව බද්ද ඉවත්කරන ලෙස පොල් සංවර්ධනය මණ්ඩලයේ බලධාරීන් සිදුකල බලපෑමත් සමගම පොල් තෙල් සඳහා වැඩිකළ රුපියල් 100 ක බද්ද ඉවත් කර ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත.

දැනගන්නට ලැබෙන පරිදි මෙම තීන්දුවත් සමගම එළවලු තෙල්(palm oil) අති විශාල ප්‍රමානයක් මෙරටට ආනයනය කල ව්‍යාපාරිකයා කලබලයට පත්වී රජයේ තීන්දු ගන්නා ස්ථානවලට දැඩි බලපෑමක් එල්ල කර ඇත. එහි ප්‍රතිපලයක් ලෙස පොල් තෙල් ආනයනය මාස 3කට නවතාලමින් ලහි ලහියේ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. ඒ අනුව ඉදිරියේදී වෙළඳපලේ පොල් තෙල් හිඟයක් ඇති වී පොල් මිල සහ පොල් තෙල් මිල ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහල යාම සිදුවන ඇත. ඒ සමගම යලි එළවලු තෙල්වලට ඇති ඉල්ලුම ද වැඩි වීමට නියමිතව ඇත.

වැඩිකරන ලද රුපියල් 100ක බදු මුදල යටතේ වුවද ඉදිරියේදී මෙරටට ආනයනය කල හැක්කේ එළවලු තෙල්(palm oil) පමණි. බදු මුදල වැඩි කිරීමට පෙර එළවලු තෙල්(palm oil) අති විශාල ප්‍රමාණයක් ආනයනය කර ගබඩා කරගෙන සිටි ව්‍යාපාරිකයාට බිලියන ගණනක අතිරේක ආදායම ලබා ගැනීමට මෙම ගැසට් පත්‍රය මගින් යලි අවස්ථාව හිමි වේ. ව්‍යාපාරිකයන්ගේ පසුම්බියට යටවී සිටින බලධාරීන් පිළිබඳව ජනාධිපතිවරයා සොයා බලා වහා ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. නැතහොත් කොරෝනා වෛරසයෙන් බැට කා සිටින ජනතාව තවදුරටත් අසරණ තත්වයට පත් වීමට ඉඩ ඇත.

නව රජය යටතේ කටුපොල් වගාව තහනම් කරන බවට පොරොන්දු රැසක් ලබා දුන් රමේෂ් පතිරණ අමාත්‍යවරයාට මේ පිළිබඳව විශාල වගකීමක් ඇත. ආනයන එළවලු තෙල්(palm oil) මත අයකරන බදු මුදල වැඩිකිරීම හේතුවෙන් මෙරට කටුපොල් වගාව සිදුකරන වැවිලි කරුවන් දිරිමත් කිරීමක් සිදුවේ. දේශීය වශයෙන් එළවලු තෙල්(palm oil) නිෂ්පාදනය දිරිමත් කිරීමක් රජය වක්‍රව සිදුකිරීම ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට ඡන්දය භාවිතා කල සාතිශය බහුතරයක් වූ ජනතා පැතුමට පයින් ගැසීමකි.

ඉතා හොඳ ආනාගත දේශපාලන නායකත්වයකට යා හැකි තරුණ නායකයෙකු ලෙස රමේෂ් පතිරණ ඇමතිවරයා මේ සඳහා ව්‍යාපාරිකයන්ගේ පැත්තේ සිට නොව ජනතාවගේ පාර්ශවයෙ සිට කටයුතු කල යුතුව ඇත. නොඑසේනම් ජනාධිපතිවරයා හෝ මේ සඳහා මැදිහත් වී ජනතා පැතුම් ඉටු කිරීමට වහා පියවර ගත යුතුව ඇත.

Related posts

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි

colombotoday

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

රට පුරාම කොරෝනා පැතිරිලා.. ජනතාවට සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා

colombotoday

අපේම අය කකුලෙන් ඇද්දා, පහුගිය කාලේ එජාපය රටට කෙළේ හොදක් නෙවෙයි – තිස්ස පරාජය හේතු කියයි

colombotoday

කුළියාපිටියේ සිසු දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව මව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

colombotoday

ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීමට රාජ්‍ය ඇමති සුදර්ශිනී විශේෂඥ කමිටුවක් පත්කර නෑ |කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයක සිට විසදුම් සෙවිය යුතුයි.

colombotoday