Colombo Today Local News

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ද ,මඟුරු ගඟ ආශ්‍රිත පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ද ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම කුඩා ගඟ මිල්ලකන්දෙන් සහ ගිං ගඟ තවලම ප්‍රදේශයෙන්ද සුළු ගංවතුර තත්ත්වයක් මේ වන විට හටගෙන තිබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

මේ වනවිට අයහපත් කාලගුණයෙන් නිවාස 3කට පූර්ණ හානි සිදුව ඇති බවත් නිවාස 32කට අර්ධ හානි සිදුව තිබෙන බවත්,පවුල් 55කට අයත් පුද්ගලයින් 222කට බලපෑම් සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

Related posts

අර්ජුන් අල්ලන්න වරෙන්තු නිකුත් කරනවාද, නැද්ද – තීන්දුව 09 වැනිදා

colombotoday

ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇප පිට නිදහස්

colombotoday

කොරෝනා මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

ආගමික ස්ථාන ඉදිකිරීම ගැන එන අලුත් පනතින් වෙන්න යන දේ ගැන හිටපු ජනපති අනතුරු අගවයි

colombotoday

මහින්ද රාජපක්ෂ අද මානව හිමිකම් කොමිසමට නොකැඳවීමට තීරණයක්..

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම් අදින් අවසන්

colombotoday