Colombo Today Local News

කතානායකගෙන් ජනපතිට සැර පිළිතුරක්

කාරක සභාව කටයුත්තක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් එවන ලද ලිපියක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කතානායක කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද සන්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනුයේ සභාවට එහි ඇති අදාළත්වය අනුව පමණක් බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්, සොයා බලා වාර්තා කිරීම පිණිස පත් කරන ලද විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් වූ තීරණයක් ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ පොලිස් නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී සඳහන් කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කතානායක කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහිදී දක්වා ඇත්තේ, ස්ථාවර නියෝගයන්ට අනුව පොදු එකගතාවයකින් ආරම්භ කළ පාර්ලිමේන්තුව අනුමත කරන ලද ක්‍රියාදාමයන් අත්හිටුවීමේ බලය ඇත්තේ, පාර්ලිමේන්තුව සතුව බවයි.

එබැවින් මෙම විශේෂ කාරක සභාවේ කටයුතු වැළැක්වීම කතානායකවරයාගේ අභිමතය පරිදි සිදු කළ නොහැකි බව ද එහි දක්වා තිබෙනවා.

එසේ හෙයින් එම කාරක සභාවේ කටයුතු ජනමාධ්‍යයන්ට විවෘත කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය ගැනීමට හැකියාව පවතින්නේ අදාළ කාරක සභාවටම පමණක් බවයි කතානායක කාර්යාලය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් කතානායකවරයා විසින් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද එහි සඳහන්.

කිසිවිටකත් පාර්ලිමේන්තුව ජනපතිතුමන්ගේ බලතල අභියෝගයට ලක් නොකරන බව එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

එසේ වුව ද පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද කාරක සභාවක ක්‍රියාදාමය විවේචනයට ලක්වීම තුළින් ජනතාව තුළ වැරදි මතයක් ඇති විය හැකි බැවින් අදාළ නිවේදනය නිකුත් කරන බවයි කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related posts

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

colombotoday

කැලණි ගඟ වනසන නීති විරෝධී කම්හල් 4,000 ක්

colombotoday

අසාත් සාලි එක්ක ඇයි හොදයි කී තාසිම් මව්ලවි ෂැංග්‍රීලා බෝම්බකරුත් එක්ක හැංගිලා කළ කතාව එළියට…

colombotoday

ලසන්න ඝාතනය ඔස්සේ ගෝඨාභය හිරගෙට යැවීමේ කුමන්ත්‍රණය කරලියට Exclusive

colombotoday

හිරු සලකුණේදී විමල් හඩා වැටෙයි… දණින් වැටී ඉල්ලීමක් කරයි (Video)

colombotoday

වැඩි සීනි කන අයට බදු !

colombotoday