Colombo Today Local News

කැලණි ගඟ වනසන නීති විරෝධී කම්හල් 4,000 ක්

මධ්‍යම කඳු­ක­රයේ සිට ඇර­ඹෙන ලංකාවේ සිවු­වන විශා­ල­තම ජල ද්‍රෝනිය වන කැලණි ගංගාව මධ්‍යම, සබ­ර­ගමු හා බස්නා­හිර යන පළාත් 3ත් ඒ ආශ්‍රිත දිස්ත්‍රික්ක 7 පසු­ක­ර­මින් කොළ­ඹින් මුහු­දට වැටේ. මෙය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 34 කට මායිම් වන අතර උප ජල ද්‍රෝණි 34 කට මායිම් වේ. දිගින් කි.මී. 145 යුක්තව, මෙන්ම අක්කර හත්ලක්ෂ දහ­න­ව­ද­හ­සක වාර්ෂික ජල ස්කන්ධ­ය­කින් යුතුව ගලා එන ජල කඳෙන්, ජලය 64% ම මුහු­දට ගලා බසී.

මීට බොහෝ කල­කට පෙර සැළ­ලි­හිණි සන්දේ­ශයේ සඳ­හන් කැලණි ගංගා කුම­රිය වූ කළි අති­ශය මන­රම් මන­ස්කාන්ත ස්ථාන­යකි. ඕලු, නෙළුම්, නිල් මානෙල්, කෙක­ටිය මලින් පිරී ගත් කැල­ණිගං දිය­ප­හ­රින් පැන් සනහා ගත් සැළ­ලි­හි­ණියා කැලණි වෙහෙර වඳී. එදා කැලණි නදියේ ජලය බීමට, නෑමට, රෙදි සේදී­මට ඉතා ඉහළ පිරි­සිදු තත්ත්වයේ තිබු­ණත් අද තත්ත්වය ඊට හාත්ප­සින්ම වෙනස්ය.

මෙයට ප්‍රධාන හේතු­වක් වී ඇත්තේ කැලණි ගඟේ ජලය පානය කිරී­මට තබා ඇඳු­මක් සෝදා ගැනී­ම­ට­වත් නොහැකි තර­මට අපි­රි­සි­දුවී තිබී­මයි. මෙසේ වී ඇත්තේ ස්වභා­වික හේතු නිසා නොව මිනිසා විසින් සිදු­ක­රනු ලබන අත්ත­නෝ­ම­තික ක්‍රියා­ව­ලින් හේතු­වෙනි.කැලණි ගඟේ දෙපස පරි­සර වාර්තා නැති කම්හල් 4000 ක් ඇති බව පරි­ස­ර­වේ­දීහු පරි­සර ඇමැ­ති­ව­ර­යාට පෙන්වා දී ඇත.

ගඟ දෙපස ඉදි­කර ඇති මහා පරි­මාණ කර්මා­න්ත­ශා­ලා­ව­ලින් ගඟට මුදා­හා­රින අප­ජ­ලය හේතු­වෙන් එකළ කැලණි ගඟේ ජීවත් වූ මත්ස්‍ය සම්පත, නෙක මල්, කඩො­ලාන විශේෂ විනාශ වී ඇති­වාක් පම­ණක් නොව ඇතැම් ස්ථාන­වල කැලණි ගඟේ ජලය පානය සඳහා තබා සතුන් නෑවී­මට තර­ම්වත් නුසු­දුසු වී ඇත. මේ මගින් දිගින් දිග­ටම සිදු­වන කැලණි ගඟ ආශ්‍රිත පරි­සර හානිය වළ­ක්වා­ගනු වස් මධ්‍යම පරි­සර අධි­කා­රිය මගින් කැලණි ගඟ දෙපස වම් ඉවුර හා දකුණු ඉවුරු ආශ්‍රි­තව මීටර් 500ක් දුරට සිදු කෙරෙන කර්මාන්ත පිළි­බ­ඳව සමී­ක්ෂ­ණ­යක් සිදු කරනු ලබයි.

මෙවැනි සමී­ක්ෂ­ණ­යක් මුලින් සිදු­කෙ­රුණේ මීට අවු­රුදු 15 පමණ කලින් වන අතර මෙවර මෙම ඔක්තේ­බර් 19 සිට 22 දක්වා මධ්‍යම පරි­සර අධි­කා­රියේ ප්‍රධාන කාර්යා­ලයේ බස්නා­හිර පළාත් කාර්යා­ලයේ හා ගම්පහ දිස්ත්‍රික් කාර්යා­ලයේ නිල­ධා­රි­න්ගෙන් සම­න්විත කණ්ඩා­යම් 13ක් යොදා ගනි­මින් මෙම සමී­ක්ෂ­ණය සිදු­ක­රනු ලබයි. පෑලි­ය­ගොඩ නගර සභා බල ප්‍රදේ­ශයේ කැලණි ගඟ ආශ්‍රිත කර්මාන්ත සමී­ක්ෂ­ණයේ යෙදෙන ස්වභා­වික සම්පත් කළ­ම­නා­ක­රණ අමා­ත්‍යාං­ශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්මික කරු­ණා­රත්න, නියෝජ්‍ය අධ්‍ය­ක්ෂිකා වර්ණිකා රණ­වක ආරච්චි හා ගම්පහ කාර්යා­ලයේ පරි­සර නිල­ධා­රිනි අනෝමා කරු­ණා­රත්න යන පිරිස අපට හමු­වූයේ කැලණි පන්සල පාරේ පට්ටිය හන්දි­යේ­දීය. මේ ඔවුන්ගේ හඬ.

“කැලණි ගඟේ ඉඳලා මීටර් 500 ඇතු­ළත් සමී­ක්ෂණ කට­යුතු තමයි අපි කරන්නේ. මෙහිදී අපි කර්මා­න්ත­ශා­ලා­වට පරි­සර බල­ප­ත්‍රය තිය­න­වාද? ආය­ත­නය තියෙන තැන කොහෙද? කර්මා­න්ත­ශා­ලාවේ පිහිටි ස්ථානය, ලිපි­නය, කර්මා­න්ත­ශා­ලා­වෙන් කෙරෙන කාර්ය­භා­රය වගේ දත්ත ටිකක් තමයි ලබා ගන්නේ. මීට වසර 10 ට කලින් කරලා තිබුණු සමී­ක්ෂ­ණ­යට අනුව ඒ කර්මා­න්ත­ශාලා යාව­ත්කා­ලීන කිරීම හා නව කර්මා­න්ත­ශාලා පිළි­බඳ තොර­තුරු ලබා ගැනෙ­නවා. අපි ළඟ ජංගම දුර­ක­ථ­නයේ App එකක් තිය­නවා. අපි ඇතු­ළත් කරන තොර­තුරු ප්‍රධාන කාර්යා­ලයේ මෙහෙ­යුම් මැදි­රියේ සට­හන් වෙනවා. අනිත් හැම කණ්ඩා­ය­ම­කම තොර­තු­රුත් මේ විදි­හට ප්‍රධාන කාර්යා­ල­යට ලැබෙ­නවා. අව­සන් වාර්තාව සකස් කෙරෙන්නේ එත­නින් තමයි. අපි දින කීප­යක් මෙසේ නිරී­ක්ෂ­ණය කර­නවා. සම­හර ආය­තන ඡායා­රූප ගැනීම ගැන ප්‍රශ්න කළා අපි තේරුම් කරලා දුන්නා.“ කැලණි ගඟේ ජලයේ ගුණා­ත්ම­ක­භා­වය ආරක්ෂා කර ගැනී­මට සහ වැඩි­දි­යුණු කර ගැනී­මට අවශ්‍ය ඉදිරි කට­යුතු කඩි­න­මින් සිදු කිරීම මෙම වැඩ­පි­ළි­වෙළේ අර­මු­ණයි. කැලණි ගඟට අප­ජ­ලය හා අප­ද්‍රව්‍ය බැහැර කරනු ලබන කර්මාන්ත පවතී නම් ඒවා හඳු­නා­ගන එම තත්ත්වය වැළැ­ක්වී­මට අවශ්‍ය කඩි­නම් පිය­වර ගැනීම මේ යටතේ සිදු කිරී­මට නිය­මි­තය.

මේ පිළි­බ­ඳව අප මධ්‍යම පරි­සර අධි­කා­රියේ පරි­සර දූෂණ පාල­නය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් කේ.එච්. මුතු­කුඩ ආරච්චි සිළු­මි­ණට මෙසේ කීය. කැලණි ගඟ ආශ්‍රිත කර්මා­න්ත­ශාලා සමී­ක්ෂ­ණ­යක් මීට අවු­රුදු 15 ට කලින් කරද්දි බොහො­ම­යක් කර්මා­න්ත­ව­ලට පරි­සර බල­ප­ත්‍ර­යක් තිබුණා. නැති අයට පරි­සර බල­පත්‍ර ගැනී­මට සැලැ­ස්සුවා. මෑත වක­වා­නුව වන­විට නව කර්මා­න්ත­ශාලා බොහො­ම­යක් ඉදි­වෙලා. සාමා­න්‍ය­යෙන් කැලණි ගඟේ ඉඳලා මීටර් 500 ක් කීවාට ලොකු කර්මා­න්ත­ශාලා තිය­නවා නම් මීටර් 500 විත­රක් නෙමෙයි මීටර් 700, 800 වුණත් බල­නවා. රජයේ හා පෞද්ග­ලික අංශය යන දෙකේම. කැලණි ගඟේ ජලය පරණ වික්ටෝ­රියා පාලම ළඟ, කොලො­න්නාව ඇල සමී­පයේ හරිම අපි­රි­සි­දුයි. අඹ­තලේ, ලබු­ගම, කල­ටු­වාව, පට්ටි­පොල හරියේ ජලය පිරි­සි­දුයි. කොටි­කා­වත්ත, මුල්ලේ­රි­යාව ප්‍රදේ­ශයේ ස්ථාන 14 න් ජලය පරීක්ෂා කර­නවා. අඹ­තලේ සවි­ක­රලා තියන ස්වයං­ක්‍රීය real time උප­ක­ර­ණ­යෙන් විනාඩි 5න් පහට තොර­තුරු ගන්නවා. එය ඍජු­වම සම්බන්ධ වෙන්නේ බත්ත­ර­මුල්ල පරි­සර පාලන අංශ­යට. කැලණි ගඟේ පව­ත්වා­ගත යුතු ජලයේ තත්ත්වය ගැන ගැසට් නිවේ­ද­න­යක් තිය­නවා. ජලයේ තත්ත්වය කොටස් 5 ට බෙදලා තියෙ­නවා.

(අ) කාණ්ඩය යටතේ පානය සඳහා සුළු පරි­ප­හ­දු­වක් අවශ්‍ය ජලය (කිතු­ල්ගල)

(ආ) ස්නානය සඳහා විනෝ­දා­ස්වා­දය සඳහා ජලය.(කිතු­ල්ගල, කඩු­වෙල)

(ඇ) ජලජ ජීවීන් සඳහා සුදුසු ජලය.

(ඈ) පානය කිරීම සඳහා පූර්ණ පිරි­සිදු කිරී­මෙන් පසු ලබා­ගන්නා ජලය. (අඹ­තලේ, පට්ටි­විල)

(ඉ) වාරි­මාර්ග හා කෘෂි­කා­ර්මික කට­යුතු සඳහා

(ඊ) ඉහත කාණ්ඩ­ව­ලට අයත් නොවන ජලය.

ආදී වශ­යෙ­නුයි. සම­හර ප්‍රදේ­ශ­වල ජලය ක්ලෝරින් රස දැනෙන්නේ ඇයි­දැයි ඇසූ විට,

“ජල සම්පා­දන යෝජනා ක්‍රම­යක් ස්ථාප­නය කරන්නේ බැක්ටී­රියා රහිත ජලය ලබා දෙන්න බැඳී සිටින නිසයි.“ කීය. කැලණි ගඟ දෙපස කර්මාන්ත සමී­ක්ෂ­ණය කෙරෙන්නේ, පිය­වර 3ක් ලෙසින්. ඒ ගඟේ ජලය මහා පරි­මා­ණ­යට දූෂ­ණය කරන කර්මාන්ත, ගං ජලය, මධ්‍යම පරි­මා­ණ­යට දූෂ­ණය කරන කර්මාන්ත හා සුළු පරි­මාණ දූෂ­ණය කරන කර්මාන්ත වශ­යෙනි. ආදී වශ­යෙන් මේ සම්බ­න්ධ­යෙන් දත්ත ඇතු­ළත් කළ හැකි App එකක් තිය­නවා. මෘදු­කාං­ග­යක් එයට ඇතු­ළත් වී ඇති සරල ප්‍රශ්න කීප­ය­කට පිළි­තුරු සට­හන් කරලා යැවිය යුතුයි. මේ සැරේ කර්මා­න්ත­ශාලා ගැන නීතිය තදින් ක්‍රියා­ත්ම­කයි.

කර්මා­න්ත­ශා­ලා­ව­ල­ටම වරද පට­ව­න්නත් බැහැ. සම­හර ගෙව­ල්වල වැසි­කිලි ගඟට හර­වලා සම­හර කඩ­වල භෝජ­න­ශා­ලා­වල කුණු කානු ගඟට හර­වලා. දිගින් දිග­ටම කාලා­න්ත­ර­යක් තිස්සේ මෙහෙම වුණාම ගඟේ වතුර කළුම කළු පාටයි. කැලණි ගඟේ දිවෙන තෙල් පාලම (කල­ටු­වාව) කැලණි පාලම, අළුත් පාලම, කදි­රාන පාලම මට්ට­ක්කු­ලිය, ජර්මන් පාලම, වික්ටෝ­රියා පාලම, කෝඩිචි පාලම ආදී පාලම් කීප­යක් කැලණි ගඟ හරහා වැටී තිය­නවා. ගඟ දෙපස අවි­ධි­මත් හා අන­ව­සර ඉදි­කි­රීම් රැසක් තිය­නවා.

මේ හැම­දෙ­යක් ගැනම සොයා­බලා කැලණි ගංදෑල පවිත්‍ර කිරීම තමයි අපේ අර­මුණ.

කැලණි ගඟ දෙපස මෝදර, මට්ට­ක්කු­ලිය, පෑලි­ය­ගොඩ, වැල්ල­ම්පි­ටිය, කොලො­න්නාව, අංගොඩ ආදී ප්‍රදේ­ශ­වල ඝන අප­ද්‍රව්‍ය ගඟට දමා ඇත. ඇතැම් ප්‍රදේ­ශ­වල සිසාරා පැතිර යන්නේ දුර්ග­න්ධ­යකි. එහෙත් කැලණි ගඟ දෙපස අන­ව­සර ඉදි­කි­රීම් නම් නිමක් නැත.

කැලණි ගඟ දෙපස කර්මාන්ත සමී­ක්ෂ­ණය සඳහා කොළඹ, හෝමා­ගම, කඩු­වෙල, කොලො­න්නාව, කොටි­කා­වත්ත, මුල්ලේ­රි­යාව, සීතා­වක, සීතා­ව­ක­පුර, බිය­ගම, දොම්පේ, කැල­ණිය, පෑලි­ය­ගොඩ, වත්තල, මාබෝලේ නාග­රික හා ප්‍රාදේ­ශීය සභා බල ප්‍රදේ­ශ­වල සමී­ක්ෂණ කට­යුතු සිදු කරයි. සීතා­ව­ක­පුර ප්‍රදේ­ශයේ සමී­ක්ෂණ කට­යුතු කරන පරි­සර නිල­ධා­රිනී වෑවි­ට­වි­දාන මෙසේ කීවාය. “කොවිඩ් ප්‍රශ්නය තියෙද්දි වුණත් අපි මේ ටිකේ සමී­ක්ෂණ කට­යුතු කර­ගෙන යනවා. මීටර් 500 වඩා එහාට යමින් වුණත් කර්මා­න්ත­ශාලා ඇත්නම් තොර­තුරු අරන් ඇප් එකට ඩවු­න්ලෝඩ් කර­නවා. මම හිතන්නේ මෙය සාර්ථක ක්‍රම­යක් වේවි. තොර­තුරු සොයා ගැනී­මට හා කැලණි ගඟ පවිත්‍ර කර සංව­ර්ධ­නය කිරී­මට.“

Related posts

අස්ගිරිය – මල්වත්ත කියන්නේ ‘ඩාලි පාරවත්‘, ‘සිරිකොතවත්‘ නෙවෙයි !

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday

ජනපතිගෙන් කුණු බැණුම්.. ශිරාල් බුකියේ “සිත නිවන කතා“ ලියයි…

colombotoday

“බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ“ – ජනබල විරෝධය ගැන අගමැති කියයි

colombotoday

ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ 20/20 තරඟයේ දී ක්‍රිකට් විධායක කමිටුවේ වියදම් මැතිසබයේ දී එළියට

Admin

ඇමරිකා යුධ අපරාධ විශේෂඥයෙක් විග්නේශ්වරන් හමුවේ.. සංහිදියාව ගැන සාකච්ඡා !

colombotoday