Colombo Today Local News

ඔන්ලයින් ඉඩම් ලියාපදිංචි කිරීම කඩිනම් කරන ලෙස ජනපති කියයි

ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීම සඳහා ඉ – ඉඩම් විද්‍යුත් ක්‍රමය මගින් ලියාපදිංචිය කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටින බව ජනාධිපතිවරයා පවසයි.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ – ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉ-ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව ඊයේ (30)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

ඉඩම් ලියාපදිංචිය ආශ්‍රිත ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව එහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශ ද ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

ඉ – ඉඩම් ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණකගත කරන අතර පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට, නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ මාර්ගස්ත ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව හිමි වේ.

Related posts

ෆේස්බුක් අවහිරය මානව හිමිකම් කඩකිරීමක් – මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරේ

colombotoday

සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙරට එන පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා

colombotoday

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින් ඉහළට

colombotoday

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයි

Admin

පුද්ගලික බස්වලට තවත් මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

colombotoday

මීළඟ කැබිනට් හමුවට මහබැංකු අධිපතිට සහ මුදල් අමාත්‍යංශ ලේකම්ට කැඳවීමක්

colombotoday