Colombo Today Local News

එල්ලා මැරිය යුතු තවත් පිරිසක් ගැන ජනපති කියයි…

රාජ්‍ය දේපළ සොරකම් කිරීමේ සහ දූෂණය කිරීමේ වැරැුද්ද මරණීය දණ්ඩනය නීතියට ඇතුළත් කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ 05 වැනිදා ප‍්‍රකාශ කළේය.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන සම්මාන ප‍්‍රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ශාලාවේ ඊයේ පැවැති අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන සම්මාන ප්‍රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ශාලාවේ ඊයේ පැවැති අවස්‌ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය.

මනුෂ්‍ය ඝාතන, රාජෙද්‍රdaහී වීම, සමූහ ස්‌ත්‍රී දූෂණ සහ මත්කුඩු චෝදනා වලට වැරදිකරුවන් වීම මරණීය දණ්‌ඩනයට යටත් බවත් රාජ්‍ය දේපළ සොරකම් කිරීම ද ඊට එකතු කළ යුතු බව තමාගේ අදහස බවත් ජනාධිපතිවරයා එහිදී පැවැසීය.

පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂවලින් තමන් එම ඉල්ලීම කරන බවද තමාගේ ධුර කාලය තුළ එය ක්‍රියාත්මක කරනවා නම් ජනාධිපති ධුරයෙන් නික්‌ම යාමට පෙර දෙතුන් දෙනකුට එම දඬුවම ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රටේ නීති තිබුණාට ඒවා පොතට පමණක්‌ සීමා වී එකක්‌වත් ක්‍රියාත්මක නොවීම නිසා අපරාධ වැඩිවී ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සිංහල භාෂා පළාත් 7යි.. දෙමළ පළාත් 2යි – අළුත් ව්‍යවස්ථාව හැදෙන හැටි සම්බන්ධන් කියයි

colombotoday

පොලිස්පති නීතිය නැමුවේ සාගලගේ උවමනාවට ?

colombotoday

ආදාහනාගාරවල තදබදයෙන් රෝහල් කිහිපයක කොරෝනා මළ සිරුරු ගොඩ ගැසෙයි.

colombotoday

දකුණ පුරා පැතිර යන පලගැටි උවදුර

colombotoday

සරසවි සිසුන්ට කදුළුගෑස්, අධිපීඩන ජල ප්‍රහාරයක්…

colombotoday

අද එන්නත්කරණය මධ්‍යස්ථාන 300 කදී.. | ලැයිස්තුව මෙන්න

colombotoday