Colombo Today Local NewsCovid 19

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (14) මේ වනවිට කොරෝනා  වයිරසය අසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අද දිනයේ මේ දක්වා වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15 ක් බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වනවිට වාර්තා වී රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන්  ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් අයෙක් ද , පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 8 දෙනෙක්ද , මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 4 දෙනෙක් සහ තවත් නිරෝධායන මධ්‍යස්ථානයකින් එක් අයෙකු වශයෙන් ආසාදිතයන් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 61 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Related posts

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

Admin

බදු වැඩි කිරීම ඡන්දෙට සල්ලි දෙන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

Admin

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්

colombotoday

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

colombotoday

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin