Colombo Today Local News

ඇමරිකානු ගිවිසුම අත්සන් කිරීම ජනපති නියමයෙන් කල් යයි !

යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ.

එම ගිවිසුම අධ්‍යනය කර සතියකින් පමණ වාර්තාවක් ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

සතියේ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (20) උදේ 8.30 ට පමණ රැස්වූ අතර එහිදී එම ගිවිසුම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

යෝජිත ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතුව ඇතැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත.

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම යටතේ ඇමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නවීකරණය හා ඉඩම් පරිපාලන ගැටලු නිරාකරණය වෙනුවෙන් පිරිනැමෙන මෙම මුදල වාරික කිහිපයක් යටතේ වසර 5 ක් තුළ ලබාදීමට යෝජනා වී ඇත.

Related posts

පොලිස්පති පූජිත, නව අගමැති මහින්දව හමුවෙයි…

colombotoday

TNA නඩය අර අදින්නේ නැවතත් මේ රට ලේ විලක් කිරීමටයි – හෙළ බොදු සවිය

colombotoday

කොටි ක්ලේමෝ බළකායේ අබ්දුල් ෂලීම් ඇතුළු ත්‍රස්තවාදීන් 6කට වසර 56ක සිර දඩුවම් නියම වේ

colombotoday

අන්තර්ජාලයේ අසත්‍ය පුවත් පළකළ අයෙක් අත්අඩංගුවට

colombotoday

සනීපාරක්‍ෂක තුවා අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න. ආණ්ඩුවට පැන්න ඩයනා ඉල්ලයි.

colombotoday

ගුරුකන්දට අමුතු නීතියක්, විහාරයේ ආරක්ෂාවට සවිකළ CCTV මුලතිව් පොලිසිය ගලවා දමයි !

colombotoday