Colombo Today Local News

ඇඳිරි නීති කාලයේ විදුලි බිලට සහන දෙන්න සැලසුමක්

විදුලි බිලට සහන දීම නිර්දේශ කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඔවුන් ගේ වාර්තාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම කමිටුවේ සභාපති ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතා පත්කර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඇතුළු ලංකා විදුලි බල මණඩලයේ තවත් නිලධාරීන් තිදෙනෙකු ද එම කමිටුවට ඇතුළත් කර තිබේ.

මෙම කමිටුව සිය අදහස් හා යෝජනා ලබන සඳුදා වනවිට ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් උපදෙස් දී ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

කොවිඩ් -19 නිසා පනවන ලද ඇඳිරිනීතිය හේතුවෙන් මාර්තු සහ අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (01)දින අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.

Related posts

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

colombotoday

කල්ක්‍රියාව හොඳයි නම්, සිරකරුවන්ට සතියක් නිවාඩු

colombotoday

පෙට්‍රල් – ඩීසල් ප්‍රමිතිය ගැන දැනුම්දීමක්

Admin

අධිකරණ තීන්දුවෙන් පසුත් ජනපති වෙනස් නොවෙයි.. රනිල් එක්ක ආණ්ඩු බෑමයි…

colombotoday

යල කන්නයේ වගාවට ජලය මුදා හැරීම අද ඇර‍‍ඹෙයි…

Admin

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ…

colombotoday