World

ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයි

කොරෝනා වයිරස රෝගියෙකුට රහසිගතව ප්‍රතිකාර කළ උස්බෙකිස්තාන වෛද්‍යවරයෙකු කොරෝනා රෝගය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.
 
මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි වෛද්‍යවරයෙකි.
 
මෙම වෛද්‍යවරයා රෝගය ආසාදනය වීමෙන් පසු පවසා ඇත්තේ තමා උස්බෙකිස්තානයේ පළමු ආසාදිතයාට ප්‍රතිකාර කළ බවයි.
  
මාර්තු 26 දින වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය බරපතල වී ඇති අතර, රෝහල් ගතකර දින දෙකකට පසුව මියගොස් ඇත.
 
ඔහු කොරෝනා රෝගයෙන් එරට මියගිය දෙවන පුද්ගලයා වෙයි.
 
උස්බෙකිස්තානයේ මේ වනවිට වයිරස ආසාදිතයන් 104ක් තහවුරු කරගෙන ඇත.
 
එහි සියලුම පළාත් වසා දමා පුරවැසියන්ට නිවෙස්වලින් පිටවීම තහනම් කර තිබේ.

Related posts

මක්කම දෙසට මිසයිල ප්‍රහාරයක්…

colombotoday

ISIS අළුගෝසුවා ජිහාඩ් ජෝන් මියගියබව ISIS ප්‍රථම වරට පිළිගනියි

colombotoday

තමිල්නාඩු ජය ලලිතාට

colombotoday

රතු මුහුදේදී අමෙරිකානු නෞකාවකට හූති කැරළිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්

Admin