Colombo Today Local News

ආණ්ඩුවේ සහයට ගෝලීය ද්‍රවිඩ සංසදයත් එයි. දේශීය යාන්ත්‍රණයට කාගේත් සහය ඉල්ලයි.

na5g1m60

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙහිලා වත්මන් ආණ්ඩුවට සහයෝගය අවශ්‍ය බවත්, ඒ සඳහා සියලූ දෙනා කැපවිය යුතු බවත් ගෝලීය දෙමළ සංසදය පවසයි.

එම සංවිධානයේ ප්‍රධානී එස්.ජේ. ඉමානුවේල් පියතුමා සඳහන් කරන්නේ, යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැපවීම හා සූදානම අගය කළ යුතු බවයි. ජනතාවට සහජීවනය උදාකරලීමේ අරමුණින් සත්‍ය ප්‍රකාශ කර, සම්මත කරගනු ලැබූ එම යෝජනාව පිළිබඳ සතුටු විය හැකි බව ඔහු අවධාරණය කරයි.

එම යෝජනාව සම්මත කිරීමටත්, ඉදිරිපත් කිරීමටත් කැපවූ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ට ප්‍රසාදය පළ කරන බවද හෙතෙම සඳහන් කරන අතර ආණ්ඩුවේ ඇතැම් කටයුතු කෙරෙහි විරෝධය පළ කරන පුද්ගලයන්ට සත්‍ය පසක් කර දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටී.

Related posts

නිරෝධායනයට ලක් කොට සිටින පිරිසට ජන්දය දැමීමට අවස්ථාව නැහැ

colombotoday

මැයි 31 තෙක් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

colombotoday

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday

දකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණ

colombotoday

අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි…

colombotoday

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday