Colombo Today Local News

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

බන්ධනාගාර ගතකරනු ලබන නවක නේවාසිකයින් කොවිඩ් වසංගතය හමුවේ නිරෝධායනයට ලක් කිරීම සඳහා පිහිටුවා ඇති පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරියේ යොදවා සිටි නියාමකවරයෙකු ඊසි කෑෂ් ක්‍රමය හරහා මුදල් ලබාගන්නා බවට එම බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව සිදුකල විමර්ශණයකදී අදාල නියාමකවරයා එම බන්ධනාගාරයේ රඳවා ඇති නේවාසිකයින් තිදෙනෙකුගෙන් රු.9,000/= ක මුදලක් ලබාගත් බවට කරුණු අනාවරණය වී ඇත.

එහිදී සැකකාර නියාමකවරයා නේවාසිකයින් තිදෙනෙකුගෙන් රු.9,000/= ක මුදලක් ලබා ගත් බවට පිලිගෙන ඇත. මෙම නියාමකවරයා වෙත නේවාසිකයින් විසින් මුදල් ලබාදීමට හේතුව කුමක්ද යන්න සොයාබැලීම සඳහා තවදුරටත් විමර්ශනය සිදුකෙරෙමින් පවතින අතර නියාමකවරයා සිදුකල මෙම බරපතල විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් විනය පරීක්ෂණයට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරී වැඩ තහනම් කිරීමට බන්ධනාගාර මූලස්ථානය මගින් කටයුතු කර ඇත.

Related posts

සාදින්නාවල නිවසක් නායයයි

Admin

ගල්කිස්ස පොලීසිය කළ පහරදීමකදී පුද්ගලයෙක් මියගිය බවට පැමිණිල්ලක්

colombotoday

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

කෝටි 2 ක අයිස් සමග සකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

colombotoday

මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතියත් ලැබේ

colombotoday

ඊළම දෙන්න කුමන්ත්‍රණය කරන පාර්ලිමේන්තුවේ 4ක් ගැන හේමකුමාර හෙළිකරයි

colombotoday