Colombo Today Local News

අලියාගෙන් රනිල්, පොහොට්ටුවෙන් ගෝඨා ජනාධිපතිවරණයට

අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරු ස්ථිරවම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව එම පක්‍ෂ ආරංචි මාර්ග වාර්තා කර සිටින බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ වාර්තා කර සිටියි.

අගමැතිවරයා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ රැසකින් ගොඩනඟන එක්සත් ජාතික පෙරමුණින්ද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ප‍්‍රමුණ ඊට සහයෝගය පළ කරන පක්‍ෂ රැසකින් සමන්විත ශී‍්‍ර ලංකා පොදු ජන ඒකාබද්ධ පෙරමුණින්ද තරග කරන බව එම ආරංචි මාර්ග පැවසූහ.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා අලියා ලකුණ යටතේ ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොහොට්ටුව ලකුණ යටතේ ද තරග කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරි නීතිය පැනවේ

colombotoday

යහපාලන පාර්ලිමේන්තු මංත්‍රී හේෂාන් විතානගේට භාණ්ඩ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා.

colombotoday

“‘සීපා’ වෙනුවට ‘ඉට්කා’ එයි.. IT ක්ෂේත්‍රයම ඉන්දියාව ගිල ගනී” – ජානිපෙ

colombotoday

යුද, නාවික නිල ඇදුම් රෙදි සමඟ ලුණුගලදී මුස්ලිම් අයෙක් අත්අඩංගුවට

colombotoday

රුපියල් බිලියන 15ක සිගරට් විනාශ කරයි

Admin

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

colombotoday