Colombo Today Local News

නඩු විභාගවලින් තොරව මිනී මරණ CIA අලුත්ම බිල්ල හම්සා බින් ලාඩන්

හම්සා බින් ලාඩන් අල්කයිදා නායක ඔසාමා බින් ලාඩන්ගේ 15 වැනි පුත‍්‍රයාය. ඔසාමා බින් ලාඩන් පාකිස්තානයේ ඇබ්බොම් ප‍්‍රදේශයේ නිවසක සැගවී සිටියදී ඇමෙරිකානු නාවික සීල් බළකායේ භට පිරිසක් විසින් පාකිස්තාන් හමුදා සංනිවේදන ජාලය අක‍්‍රීය කර ඔහුව ඝාතනය කරනු ලැබීය. මෙම ඝාතනය බින් ලාඩන් සිටි නිවසේ සිට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත සජීවී ලෙස විකාශනය විය.

ඔසාමා බින් ලාඩන් ඝාතනය සියැසින් දුටු එවකට සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් සතුටට පත් වී ‘‘වාව්’’ යැයි කෑගැසුවාය.

බින් ලාඩන්ගේ සිරුර ඉන්දීය සාගරයේ නතර කර තිබූ ඇමෙරිකානු යුද නැවකට ගෙන ගිය සීල් භට පිරිස පසුව එය වෝහාරික පරීක්‍ෂණයකින් පසු මුහුදේ ගිල්වනු ලැබීය. එය ඇමෙරිකානු සී. අයි. ඒ. මෙහෙයුමකි. ඔසාමා බින් ලාඩන් ඝාතනය ගැන කරුණු දක්වන ලෙස ජීනීවා මානව හිමිකම් කොමසාරිස්වරයා ඇමෙරිකාවට කියා සිටියත් ඇමෙරිකානු රජය අද වනතුරු ඊට ප‍්‍රතිචාර දක්වා නැත. මේ පසුබිම මැද බින් ලාඩන්ගේ වැඩිමහල් පුත් හම්සා තම පියා ඝාතනය කළ ඇමෙරිකානුවන්ගෙන් පළිගන්නා බවත් ඇමෙරිකානුවන්ට එරෙහිව ප‍්‍රහාර එල්ල කරන ලෙසත් අල් කයිදා ක‍්‍රියාකාරීන්ට කියා සිටියේය. එහෙත් ලොව බලගතු පණිවුඩ හුවමාරු ජාලයක් ක‍්‍රියාත්මක කරන ඇමෙරිකානු සී. අයි. ඒ සංවිධානයෙන් ගැලවීමට හම්සාට නොහැකි විය.

අපි හම්සාට යුක්තිය ඉටු කළෙමු යැයි සී, අයි. ඒ. සංවිධානයේ නිලධාරියෙක් මේ සතියේ දිනෙක කියා සිටියේය.

මේ යුක්තිය යනු ඝාතනය කිරීමයි. හම්සා බින් ලාඩන්ව මරා දැමීමට පෙර ඇමෙරිකානු රජය හම්සා අල්ලා දුන් අයකුට ඩොලර් මිලියනයක් ලබාදෙන බව පවසා තිබුණි.ඒ වනවිට සී. අයි. ඒ. සංවිධානය හම්සා ඝාතනය කිරීමේ මෙහෙයුම දියත් කර තිබුණි.

කොංගෝ රාජ්‍යයේ අගමැති පැට්රිෂ් ලූමුම්බාගේ සිට ඝාතන රැුසක් දියත් කළ සී. අයි. ඒ. සංවිධානය ඔසාමා බින් ලාඩන්ගේ සිරුර ඉන්දීය සාගරයේ සැගවුයේ ඝාතනයේ සියලූ සළකුණු සැගවීම සඳහායි.

මේ සී. අයි. ඒ. ක‍්‍රමවේදය ඇමෙරිකානු ජනාධිපතිව සිටි ජෝන් එෆ්. කෙනඩි ඝාතනයේදීත් ක‍්‍රියාත්මක විය. ඒ කෙනඩිගේ සිරුර කලින් තැන්පත් කර තිබූ පෙට්ටිය මුහුදට දැමීමයි.

මේ තත්ත්වය මත හම්සා බින් ලාඩන් දිවි ගලවා ගැනීම සඳහා ඉරානය, සව්දි අරාබියාව ඇෆ්ගනිස්ථානය සහ සිරියාව යන රටවල විටින් විට සැ`ගවී සිටියේය.

සව්දි අරාබියානු රජය හම්සා එරටට පැමිණීම තහනම් කිරීම නිසා අවසන් වරට ඔහු සැගවී සිටියේ ඇෆ්ගනිස්තානයේ බව අනාවරණය විය.

මේ අතර ඇමෙරිකානු සී. අයි. ඒ. ආයතනයට සම්බන්ධ ආරංචි මාර්ග පැවසුවේ හම්සා බින් ලාඩන් ඝාතනය වූ බවයි. එහෙත් ඒ කුමන රටකද සහ මරුමුවට පත් වුයේ ගුවන් ප‍්‍රහාරයකින්ද යන්න හෙළි කර නැත.

එයද ඝාතනය සහ සාක්කි සැ`ගවීමක් වේ.

හම්සා බින් ලාඩන් පිළිබඳව තොරතුරු හෙළි වුයේ ඔසාමා බින් ලාඩන් ඝාතනය වී සති කීපයකට පසුවය.

හම්සා අල්කයිදා සංවිධානයේ නායකයා ලෙස පත් වූ අතර ඔහුගේ වයස 23 ක් බව වාර්තා විය.

එහෙත් සී. අයි. ඒ. යනු ‘‘ලේ’’ වලින් පවා පළිය ගන්නා මිනිමරු සංවිධානයකි. තම රටේ ජනාධිපතිව ඝාතනය කිරීමට සී. අයි. ඒ. සංවිධානයට හැකිනම් හම්සා බින් ලාඩන් මරා දැමීම ඔවුන්ට සුළු දෙයකි.

මේ අතර හම්සා බින් ලාඩන් ඝාතනය ගැන අල්කයිදා සංවිධානය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

හම්සා බින් ලාඩන් ඝාතනය වූවාද නැද්ද යන්න ගැන තමා ප‍්‍රකාශයක් කරන්නේ නැතැයි ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද පවසා ඇත.

ඔසාමා බින්ලාඩන්ගේ දරුවන් 20 කගෙන් 15 වැනියා වූ හම්සා පිළිබඳව සී. අයි. ඒ. සංවිධානය තොරතුරු සොයාගනු ලැබුවේ පාකිස්තානයේ සිටි ඔසාමා බින් ලාඩන්ගේ නිවසේ තිබූ රහස් ලියවිලිවලිනි. එසේම හම්සා අල්කයිදා සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියකුගේ දියණිය සම`ග විවාහ වන වීඩියෝ පටයක්ද සී. අයි. ඒ. නිලධාරීන්ට හමුවිය.

2001 සැප්තැම්බර් 11 දා ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ අල්කයිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු අල්කයිදා ක‍්‍රියාවලිය ජාත්‍යන්තර ප‍්‍රජාවට හෙළි විය.

ඉන්පසු 2016 දී අල්කයිදා සංවිධානය යළි මතුවිය.

මේ අතර ඇමෙරිකානු එෆ්. බී. අයි. රූපවාහිනිය පැවසුවේ හම්සා බින් ලාඩන් ඝාතනය සත්‍ය බවත් ඇමෙරිකානු බලධාරීන් එය වසන් කරන බවත්ය.

මේ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ද තහවුරු කර ඇත. ඇමෙරිකානු බුද්ධි සේවා නිලධාරීන් දෙදෙනෙක් එම තොරතුරු සනාථ කළ බව එම පුවත් පත කියා සිටියේය.

හම්සා බින් ලාඩන් ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කීපයක් මතු වී ඇත. ඒ ඇමෙරිකානු සී. අයි. ඒ. සංවිධානයට ත‍්‍රස්ත නායකයන් නඩු විභාගවලින් තොරව ඝාතනය කිරීමට ඉඩ ලැබීමය. මානව හිමිකම් කවුන්සිලය ගැන තැකීමක් නොකිරීම සාක්කි වසන් කිරීම සී. අයි. ඒ. සංවිධානය පැමිණිලිකරු සාක්කිකරු විනිසුරු සහ අළුගෝසුවා ලෙස කටයුතු කිරීමයි.

එහෙත් ලොව කිසිදු රටක් සී. අයි. ඒ. සංවිධානයේ මේ බිහිසුණු පිළිවෙළ ගැන ප‍්‍රශ්න කරන්නේ නැත.

හම්සා යනු බින් ලාඩන්ගේ එක් පුතෙකි. ඔහුට දරුවන් 20 ක් සිටී. එම දරුවන් අල්කයිදා නායකත්වය භාර ගත්තේද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

ඔසාමා බින් ලාඩන්ට පුහුණු කළේ ඇමෙරිකානු සී. අයි. ඒ. සංවිධානයයි. ඔහුව ඝාතනය කළේද සී. අයි. ඒ. සංවිධානයයි. ඇමෙරිකාව පාලනය කරන්නේ ජනාධිපතිවරුන් නොව සී. අයි. ඒ. සංවිධානය බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වරක් පැවසීය.

එහෙත් මානව හිමිකම් ගැන හඬන`ගන්නේද ඇමරිකාවයි ඔසාමා බින් ලාඩන් ඝාතනය වූ බව හිටපු ඇමෙරිකානු ජනපති බරක් ඔබාමා පැවසූවේ අපි ලෝක ප‍්‍රජාව වෙනුවෙන් ඔසාමාට යුක්තිය ඉටු කළ බව යන්නයි. ඔහු ඔසාමා බින් ලාඩන් ඝාතනය කළ නාවික සීල් භට පිරිස ඇගයීමටද ලක් කළේය. ඇමෙරිකාවට සතුරුකම් කරන්නන් පසුපස හඹා යන බව සතුරන් දැනගත යුතුයි යැයි ඔබාමා පළ කළේය.

Related posts

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Admin

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවත්වෙයි

Admin

තෙවරපෙරුම සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

colombotoday

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමිගේ ශ්‍රී දේහය බෞද්ධ මහා සම්මේලනයට

colombotoday

දෙස් විදෙස් ආයෝජන නැතිව කොටස් වෙළදපොල ඇද වැටෙයි… මාස 18කට පසු අවම අගය ඊයේ…

colombotoday

ප්‍රාදේශීය සභා අපේක්ෂකයා කසිප්පු පෙරමින් සිටියදී පොලිසියට මාට්ටු

colombotoday