Colombo Today Local News

අර්බුද වලට හේතුව මළහිරු බසිනා හැන්දෑවේ අමු සොහොනක දිවුරුම් දීමයි…

ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවූ ආකාරයට 2015 ජනවාරි 8 වැනිදා මළහිරු බැස යන හැන්දෑවේ සොහොනකදී රටේ රාජ්‍ය නායකයන් අග්‍රාමාත්‍යවරයන් දිවුරුම් දීමේ විපාකය අනාගතයේ රටේ බරපතළ අර්බුදයකට හේතු වනු ඇතැයි ජේ‍යතීර්වේදීහු කළ ප්‍රකාශය යථාර්ථයක් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ හාලිඇළ ආසන සංවිධායක උෟව පළාත් සභා මන්ත්‍රි ජයන්ත කන්නන්ගර මහතා එක්සත් ජාතික පක්ෂ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළේය.

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැති මෙම බල මණ්ඩල රැස්වීමේදී ජයන්ත කන්නන්ගර මහතා මෙසේද කීය.

අපේ රට පාලනය කළ කිසිම රාජ්‍ය නායකයකු මේ වගේ මුස්පේන්තු වෙලාවක අමුසොහොනක දිවුරුම් දීලා නෑ. නිදහස් චතුරස්‍රය කියන්නේ මිනී පුච්චපු තැනක්. හිටපු පාලකයන්ට බියේ දඩිබිඩියේ මෛත්‍රිපාල සිරිසේන මළහිරු බැස යන හැන්දෑවේ කිසිවකුත් නොසිතූ වේලාවක රටේ රාජ්‍ය නායකයා ලෙස දිවුරුම් දෙන විට ඒ පස්සෙන් ගිහිල්ලා අපේ නායකයත් අගමැති හැටියට දිවුරුම් දුන්නා.

Related posts

වම්බටු ගෙඩි 4ක් රු 100යි.. සියළුම එළවලු තොග කිලෝව රු 100 පනී !

colombotoday

ඉටුකම අරමුදලේ ශේෂය එන්නත්කරණයට යොදවයි

colombotoday

මොන භාරකාර ආණ්ඩුව පිහිටෙව්වත් රට විකුණන අය එක්ක මම එකතුවෙන්නෑ….

colombotoday

“වරායේ වැඩ ලබන මාසේ පටන් ගන්නවා…. හම්බන්තොට ඉඩම් චීනයට දෙනවා” – අගමැති

colombotoday

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් අරලියගහ මන්දිරයට ගෙනල්ලා. – ප.ම පද්ම උදයශාන්ත

colombotoday

මෛත්‍රී, චන්ද්‍රිකා සමග එජාපය 70 සමරයි

colombotoday