World

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියා හි බන්ධනාගාර රැඳවියන් දස දෙනෙකු මියගොස් තිබේ.

උතුරු කැලිෆෝනියා හි සැන් ක්වෙන්ටින් හි පිහිටි බන්ධනාගාරයක රැඳවියන් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම බන්ධනාගාරයේ රැඳවියන් 4000 ක පමණ පිරිසක් සිටින අතර ඉන් 1400 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇත.

මේ අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි බන්ධනාගාරවල රැඳවියන් 2423 දෙනෙකු වෛරසය ආසාදනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

එමෙන්ම ඒවායේ සේවකයින් 755 දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඉරානයෙන් 90%ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක්

colombotoday

ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

Admin

අධිකරණයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

කොරෝනා අස්සේ උතුරු කොරියාව යලිත් මිසයිල යවති

colombotoday

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

colombotoday