Colombo Today Local News

අභිමානවත් 72 වැනි නිදහස් දින සමරුව අද නිදහස් චතුරස‍්‍රයේදී

72 වැනි නිදහස් දින සමරුම අද (4දා) උදේ කොළඹ ටොරින්ටන්හි නිදහස් චතුරස‍්‍ර භූමියේදී මහත් අභිමානයෙන් යුක්තව පැවැත්වේ.

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම නිදහස් දින උත්සවය සමරුමේ ආචාර පෙළපාලියට යුද හමුදාවේ 4325 ක්, නාවික හමුදාවේ 868 ක්, ගුවන් හමුදාවේ 815 ක් සහ පොලිසියේ 1382 ක් සහභාගි වෙති.

මේ හැර සිවිල් ආරක්‍ෂක බළකායේ 515 ක් සහ ජාතික කැඩෙට් බළකායේ 355 ක්ද එක්වෙති.

72 වැනි නිදහස් සමරුව සඳහා අමුත්තන් 2000 කට ඇරයුම් කර ඇත.

නිදහස් දින සැමරුමේ සංස්කෘතික අංගවලට 450 ක් සහභාගි වෙති.

මෙම නිදහස් දින සමරු උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව මුහුණු ආවරණය පැළඳිය යුතු බවට නියෝගයක් කර නැත.

නිදහස් දින සැමරුම සඳහා වැයවන අධික මුදල නිසා අංග රැසක් අඩුකර තිබේ.

Related posts

හදිසියේම මහින්දට රෝසිගෙන් ලිපියක්…

colombotoday

පළාත් රැසකට අද වැසි

colombotoday

මංගලගේ විකෘතිය ගැන රනිල්ගේ සමීපතමයෙක් පැහැදිළි කරයි !!

colombotoday

කළුතර සිසුවියගේ මරණයට ලැගුම්හල හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

Admin

මාලක සිල්වා අල්ලන්න වරෙන්තු

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ?

colombotoday