Colombo Today Local News

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ?

එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයට අද පැමිණි පක්ෂ නියෝජිතයින් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.

අර්ජුන රණතුංග මහතා පැවසුවේ, මේ මොහො‌තේ පක්ෂයට වඩා දැක්මක් සහිත පුද්ගලයෙකු පාර්ලිමේන්තුවේ සිටීම වැදගත් බැවින් සියලු දෙනා එක්ව ඔහුගෙන් ලිඛිතව මෙම ඉල්ලීම සිදු කළ බවයි.

මාධ්‍යට අදහස් පළ කරමින් අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ, ලෝකයම මුහුණදී සිටින වසංගත තත්ත්වයත් සමග ජීවත් වන මොහොතක රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හොඳම මොළකරු රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

කෙසේ වෙතත් තමා ඇතුළු සාමාජිකයින් කළ ඉල්ලීමට පක්ෂ නායකවරයාගේ එතරම් කැමැත්තක් නොදැක්වූ බව ද ඔහු සඳහන් කළේ ය.

ලබන සතිය වන විට තමා ඇතුළු කණ්ඩායමේ ඉල්ලීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලැබෙනු ඇතැයි, ඔහු විශ්වාසය පළ කළේ ය.

Related posts

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

අනියම් බිරිඳ සමග බහින්බස් වූ 71 පෙම්වතා ගිනි තබා ගනී

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

බදුල්ල ගුරුවරිය දණගැස්වීම: මානව හිමිකම් නිර්දේශ අත්හිටුවයි

colombotoday

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

colombotoday

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු කිහිපයක්

colombotoday