Colombo Today Local News

කළුතර සිසුවියගේ මරණයට ලැගුම්හල හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

කළුතර දී 05 මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි ටිහාරා නිර්මාණි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ අද (11) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිසුවිය රැඳීසිටි කළුතර ගාලුපාරේ පිහිටි අදාළ ලැගුම්හල පවත්වාගෙන යන හිමිකරුගේ බිරිඳව බව පොලීසිය කියයි.

ඇය කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.

සැකකාර කාන්තාව එදින ලැගුම්හලේ සේවය කරමින් සිට ඇති අතර, වෙනත් වැඩිහිටි තරුණියකගේ හැඳුනුම්පතක් ලබාගෙන මියගොස් ඇති පාසල් සිසුවිය ලැගුම්හට ඇතුළත් කරගෙන ඇති බව සඳහන් ය.

ජාතික හැඳුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරුව කරගැනීමක් සිදුනොකර බාලවයස්කාර දැරියකට ලිංගික ප්‍රයෝජන ලබාගැනීම සඳහා පරිශ්‍රය ලබාදීමේ වරදට සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය අද පස්වරුවේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

ලංකාව විදේශීය ආගමික අන්තවාදීන්ගේ දඩ බිමක් වෙලා – ඥාණසාර හිමි (Video)

colombotoday

පන්නිපිටියේ බෝධිය ඉවත් කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday

මිලියන 43ක රත්තරන් කම්බි රේගු භාරයට

Admin

‘පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ කරන්න… සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ’

Admin

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday