Colombo Today Local News

අන්තර්ජාලය මගින් කෝටි 6ක් වංචා කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

විදෙස් රටවල ලොතරැයි දිනුම් ඇදී ඇති බවට හා විදෙස් රටකින් වටිනා ත්‍යාගයක් ලැබී ඇති බවට පවසමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදෙස් ජාතිකයින් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය හා තොරතුරු කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, නයිජීරියානු, චීන සහ පිලිපීන ජාතිකයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔවුන් විසින් රුපියල් කෝටි 06කට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිලි 101ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

පාර්ලිමේන්තුව දැඩි අනතුරක.. පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් ත‍්‍රස්තවාදීන් 04 දෙනෙක්..

colombotoday

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

colombotoday

කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයක

colombotoday

සත්තු වත්ත, සීගිරිය නොමිළේ.. බදු ගෙවන අයට ලැබෙන වරප්‍රසාද මෙන්න (Video)

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday