Colombo Today Local News

අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයා වමාරයි – හිටපු ඇමති කෙනෙකු ගැනත් හෙළිවේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. මුන්දලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයක් ද එම දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා ගත්තා.

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හෂීම් ලවා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයින් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම හා අවිපුහුණුව ලබාදීමේ සිද්ධියකට රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඔහු කල්පිටිය 4 වන හරස් වීදියේ පදිංචිකරුවෙක්. මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි එම රාජ්‍ය නොවන සංවිධානයේ ගොඩනැගිලි පරිශ්‍රය වෙත සැකකරු ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබුවා.

එම ස්ථානය පරීක්‍ෂා කිරීමේදී වැදගත් ලිපි ලේඛන රැසක් සොයා ගැනුණා. මෙම ගොඩනැගිලි ඉදිකිරීමට පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මූල්‍යාධාර ලබා දී ඇති බවට ද තොරතුරු හෙළිව තිබෙනවා. අදාළ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව යෙදවීමට පියවර ගැනුණු අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

Related posts

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

colombotoday

විදුලි ඒකකයක් රු. 17ක් වැඩි මිලකට අරන්

colombotoday

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin

අලි සබ්‍රිටත් බුර්කාව එපා වෙයි.. මුහුණු ආවරණ පැළදීම තහනම් කරන්න නීති ගේන්න යයි

colombotoday