Colombo Today Local News

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ආණ්ඩුවට අන්ත පරාජයක් ලැබී ඇති බැවින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට තව දුරටත් තනතුරු දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බැවින්, ජනමතයට ගරු කරමින් අගමැති ධුරය බාර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන්නැයි ජනාධිපතිවරයාගේ උපදේශකයන් කිහිප දෙනෙකු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපදෙස් දී ඇතැයි පැවසේ.

ශ්‍රීලනිපය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරු කිහිප දෙනෙකු අද දිනයේ ජනාධිපතිවරයා හමුවී සිය ඇමතිධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

පළාත් පාලන මැතිවරණ ජනවරමට ගරු කරමින් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව බාර දිය යුතු යැයි අමාත්‍ය චම්පික රණවක මහතාද යෝජනා කර ඇති බවත්, ඔහු සිය ඇමතිධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවද ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු උපුටා දක්වමින් “ශ්‍රී ලංකා මිරර්“ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Related posts

වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට

Admin

පැලැස්තර විසඳුම් නැතුව ආණ්ඩුවම ඉල්ලා අස් වෙන්න – විමල්

colombotoday

මිලියන 205ක රත්‍රන් තොගයක් සමග කාන්තාවක් රේගු භාරයට

colombotoday

ලංවිම කෝටි 20000ක ණය උගුලක

colombotoday

මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න යයි

Admin

බහින්බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday