Colombo Today Local News

ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානය වූහාන් ගුවන්තොටට ගොඩබැස්වීමට ශ්‍රී ලංකා රජය අවසර ඉල්ලයි !

ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් චීනය වෙසෙන ශී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක වන අතර චීනයේ සිටින සියළුම ශ්‍රී ලාං කිකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා මෙහෙයුම සිදු කෙරෙන බවද පැවසේ.

කොරෝනා වෛරසය ආරම්භ වූයේ යැයි පැවසෙන් වූහාන් නගරයේ ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශීෂ්‍යාවන් 30 දෙනෙක පමණ වෙසෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එම පිරිස ගෙන්වා ගැනීම සදහා චීන බලධාරීන් සමග සාකච්ඡා සිදු වෙමින් පවතින අතර, විදේශ කටයුතු ආරන්චි මාර්ග සදහන් කළේ ඒ සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් වූහාන් ගුවන්තොටුපලට ගොඩබැස්වීමට අයදුම්පත යොමුකර ඇති බවයි.

අවසරය ලැබුණු සැනින් මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

colombotoday

ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සියල්ල සූදානම් – ද්‍රවිඩ සන්ධානය

colombotoday

කිරිබත්ගොඩ වේලාව වැරදියි

colombotoday

නිවසකින් ලක්ෂ 46ක් සොරාගත් මෙහෙකාරිය අත්අඩංගුවට

colombotoday

කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂාවට සුනඛ කණ්ඩායමක්

colombotoday

ගම්පහ මාර්ග හතක පෞද්ගලික බස් වර්ජනයක්

Admin