Colombo Today Local News

විගණන වාර්තාවෙන් තහවුරු වූ රිෂාඩ් බදුර්දීන්ගේ විල්පත්තු මහා වනසංහාරය !

නැවත පදිංචිකිරීම් සඳහා විල්පත්තුව විලත්තියිකුළම් රක්ෂිත වනාන්තරයේ ඉඩම් නිදහස් කරන්නැයි වන සංරක්ෂණ ජනරාල් වෙත නියෝග කිරීමට වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ට කිසිදු අධිකාරි බලයක් නොමැති බව විලත්තියිකුළම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ.

රක්ෂිත වනාන්තරයක් ලෙස විලත්තියිකුළම් වනාන්තරය ප්‍රකාශයට පත් කර තිබියදී එකී රක්ෂිතයෙන් අක්කර 650 ක් නිදහස් කර ගැනීමට වන සංරක්ෂක ජනරාල්ට ද අධිකාරී බලයක් නොමැති බව එම වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම ඉඩම් බෙදා දී ඇත්තේ අවතැන් පවුල්වලට නොවන බවත් ඉඩම් නොමැති පවුල් බව පවසමින් අක්කර භාගය බැගින් ලබා දී තිබු පවුල් 1371න් 1030 කටම වෙනත් ස්ථානවල ඉඩම් හිමිව තිබු බව විගණනයේ දී හෙලි වූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.

“නැවත පදිංචි කළ යුතු-ව ඇත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමිවී අවතැන්වූ පවුල් වුවද ඉඩම් ලබා දී ඇති කිසිවෙකුටත් යුද්ධය නිසා ඉඩම් අහිමි වී නොතිබිණි” යැයි එහි සඳහන් ය.

මුල් ඉඩම් බව පවසා 2009 න් පසුව පැමිණ ඇතත් පෙර පදිංචි වී සිටි බවට කිසිදු නාම ලේඛණයක් ඉදිරිපත් කර නොතිබු බවද එම විගණනයේ දී හෙලිවී තිබේ.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත අනුව අක්කර 650 ක් වු රක්ෂිත කැලෑ ප්‍රෙද්ශය එළිකිරීමට පෙර පාරිසරික අගැයීම් වාර්තාවෙක් ලබාගත යුතුව තිබු නමුත් එවැන්නක් ලබා නොතිබු බව ද එම වාර්තාව කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන් පරිදි ජනතාවෙග් යහපත පිණිස රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිති කොට වැඩි දියුණු කල යුතු යැයි සඳහන් වන බැවින් ද ඒ සඳහා පවතින විධි විධාන ප්‍රමාණවත් නොවන බැවින් ද අවශ්‍ය විධිවිධාන පැනවීමට කටයුතු කළ යුතු යැයි ද රජයේ විගණන නිලධාරින් විසින් සිදුකළ එම වාර්තාව මඟින් නිර්දේශ කර ඇත.

අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ දී ඉඩම් අහිමි අයවලුන් නිවැරදිව හඳුනා ගෙන ඔවුන් හට ජාතික ප්‍රතිපත්තින්ට සහ පවතින නීතියට අනුකූල වන පරිදි ප්‍රමාණවත් ඉඩම් කොටස් ලබා දීමට කටයුතු කළ යුතු යැයි ද එහි නිර්දේශ කර ඇත.

වසර 2010 සිට 2017 දක්වා එම රක්ෂිත ප්‍රදේශයේ චන්ද්‍රිකා චායාරුප පහතින් දැක්වේ

ඡායාරූප – janahada.com

Related posts

මෙරටින් පැහැරගෙන ගිය පුරා වස්තු යළි දෙන්නැයි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

colombotoday

කෲඩියා සිලනිකා ඉවත් කරන්නේ නෑ.. මැදිකර අධිවේගය ඉදිකරනවා. – අමාත්‍ය සී. බී. රත්නායක කියයි

colombotoday

රනිල් ඇතුළු පිරිසට SJB දොර තවමත් විවෘතයි – සජිත්

colombotoday

කොරෝනා, සාර්ස් වාර්තා බිද හෙළයි… මරණ සංඛ්‍යාව 900 දක්වා ඉහළට

colombotoday

20 ගේනවානම් මහා සංඝරත්නයේ අනුමැතිය රැගෙන ගේන්න.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්

colombotoday