Colombo Today Local News

විනිසුරු දියණියන් දෙදෙනා විශාකාවට ඇතුලත් කරනු! – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබු මහේස්ත්‍රාත්වරියන් දෙදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පසුගියදා සහනදායි තීන්දුවක් ලැබී ඇත.

පෙත්සම්කාර මහේස්ත්‍රාත් වරියන් දෙදෙනා සිය පෙත්සම මගින් කියා සිටියේ, පළමු වසරට ළමුන් ඇතුලත් කර ගන්නා පටිපාටිය ඇතුලත් චක්‍රලේඛ මගින්, තමන්ට මෙන්ම අධිකරණ සේවාවේ නිලධාරීන්ට අගතියක් සිදුව ඇති බවයි.

එය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම මහේස්ත්‍රාත් වරියන්ගේ දියණියන් දෙදෙනාව, විශාඛා විද්‍යාලයේ අදාළ වසරවලට වහාම ඇතුලත් කර ගන්නා ලෙසට, විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියට හා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින්ට නියෝග කර ඇත.

2018 වසරේදී පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් නඩු 2019 ජූනි 17 වන දින, විභාග කෙරුණු අතර, එහි තීන්දුව 2020 ජූනි 18 ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම නඩුව පවරා තිබුනේ අලංකාරගේ දොන චතුරිකා සිල්වා හා වෙල්ලවලාගේ ධක්ෂිකා චහීමා විජේබණ්ඩාර යන මහේස්ත්‍රාත් වරියන් දෙදෙනා විසිනි.

SC/FR/222/2018 හා C/FR/223/2018 යටතේ වූ මෙම නඩු දෙකේ, වග උත්තරකරුවන් ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරුන්, අධ්‍යාපන ඇමතිවරුන්, ජාතික පාසැල් අධ්‍යක්ෂ, අධිකරණ සේවා සංගමයේ නිලධාරීන් සහා නීතිපති නම්කර තිබිණ.

ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ.මලල්ගොඩ හා ඊ.ඒ.පී.ආර්.අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ විභාගයට ගන්නා ලද මෙම නඩුවේ තීන්දුව, සෙසු විනිසුරුවරුන්ගේ එකගතාවය සහිතව ප්‍රකාශයට පත්කරන ලද්දේ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා විසිනි.

පෙත්සම්කාර, මහේස්ත්‍රාත්වරියන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දැක්විය.

The Leader

Related posts

රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න

colombotoday

කැස්බෑ බිත්තර 90ක් වෙරළින් ගොඩ ගත් සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඩිසල් ලීටර් දහසක් සමග ගම්මුලාදෑනීගෙ මල්ලි පොලීසියට මාට්ටු

colombotoday

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

විපක්ෂ නායක ටොන් පච කියන්නේ – කතානායක-සජිත් උණුසුම් වචන හුවමාරුවක

colombotoday

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday